
(සුජිත් හේවාජුලිගේ )
තල් ගෙඩියේ සාරයෙන් ප්‍රණීත තල් වයින් නිෂ්පාදනය තල් සංවර්ධන මණ්ඩලය විසින් පසුගියදා ප්‍රථම වරට ආරම්භ කරනු ලැබීය.
තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතාගේ මූලිකත්වයෙන් තල් වයින් නිෂ්පාදනය මෙසේ ආරම්භ කෙරුණේ පෞද්ගලික අංශයේ ව්‍යවසායකයන්ගේද සහය ඇතිවය.
තල් වයින් ප්‍රථම වරට හඳුන්වාදීමේ උත්සවය යාපනයේදී පසුගියදා පැවැත්විණ.
මේ අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ඇතුළු අමුත්තෝ පිරිසක්ද සහභාගිවූහ.
තල් වයින් ඉදිරියේදී ලෝකය පුරා ප්‍රචලිත කරමින් විදේශ විනිමය උපයා ගැනීමට බලාපොරොත්තු වන බව තල් සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිෂාන්ත පතිරාජ මහතා පැවසීය.
මීට පෙර හඳුන්වා දුන් තල් අරක්කු සහ තල්රාද මේ වනවිට ලෝකය පුරා ජනප්‍රිය වෙමින් පවතින බව සභාපතිවරයා වැඩිදුරටත් කීවේය.

2025 දෙසැම්බර් මස 18
339
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
211
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1003
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තල් අරණෙන් ’’තල් වයින්’’
janahitha Monday, 04 September 2023 01:35 PM
හත්වලාමේ ඔය වගේද කසිප්පු කාන්තාවන්ගේ මුත්‍රාවලිනුත් පෙරෙන්න පුළුවන්...
Lalla Monday, 04 September 2023 02:52 PM
පොල් වතුරෙන් බ්‍රැන්ඩි හදන්න අවසර ඉල්ලපු පොල් මෝල් හිමි සමාගමකට මහින්ද ආණ්ඩුව මතට තිත කියලා ප්‍රතික්ෂේප කළ කතාවක් තිබුණා... මේකත් එහෙම වෙයිද? ඒ කාලේ නම් රාජපක්ෂ පවුල ගාවගන්න ඕන ඕවට...
rattu Monday, 04 September 2023 03:07 PM
තල්ගස්වලට රජය අවදානව කිතුල් ගස්වලට කුඩම්මාගේ සැලකිලි ලෝකයේ තියන හොඳම පැණි තමයි කිතුල් පැණි. කිතුල් ගහත් උතුරේ තිබුණා නම් තමයි වටින්නේ... සාම්ප්‍රදායික කිතුල්පැණි කර්මාන්තය සම්පූර්ණයෙන්ම වැනසුවේ පොලිසිය නිසා...
ගාල්ලගේ Tuesday, 05 September 2023 11:15 AM
මේ අදහස ඉතාමත් නිවැරදියි ඇත්තටම ඔය ඇමතිවරයා තමන්ගෙ ප්‍රදේශයේ පවා තිබෙන කිතුල් ගැන කිසිම අදහසක් නැත්තෙ ඇයි කියලා අහන්න වෙනවා ඒ සමගම ඔය ප්‍රදේශය වෙනම රටක් හදන්න ඉල්ලන එකම දේශපාලුවෙක්වත් ඔතන නැත්තේ ඇයි කියලා අහන්න කැමතියි