IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තල් අරක්කුවලට කැනඩාව වහ වැටෙයි

(අංජුල මහික වීරරත්න)

තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් මෙම වර්ෂයේ රුපියල් මිලියන 78ක ආදායමක් ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

විශේෂයෙන් මෙරට තල් ආශ්‍රිතව නිෂ්පාදනය කරන තල් රා සහ තල් අරක්කු සඳහා කැනඩා වෙළෙඳ පොලේ ඉහළ ඉල්ලුමක් පවතින බව තල් සංවර්ධන මණ්ඩලය කියයි. 

දැනට  තල් ගස් මිලියන 11ක් තිබුන ද ඉන් සියයට 60ක්ම කිසිදු ප්‍රයෝජනයක් ගන්නේ නැත. 

මේ නිසා තල් ආශ්‍රිත නිෂ්පාදන ජනප්‍රිය කරවීම සඳහා මෙන්ම ඉන් ආර්ථික වාසි ලබා ගැනීම සඳහා කටයුතු කළ යුතු ආකාරය ගැන ඒ සම්බන්ධව උනන්දුවක් දක්වන්නන්ට විශේෂ පුහුණුවක් ලබා දීම අරඹා ඇතැයි  තල් සංවර්ධන මණ්ඩලය පවසයි.

පසුගිය යුද සමයේ උතුරේ තල් ගස් වලින් සියයට 30ක් පමණ විනාශ වූ අතර මේ වනවිට එම ප්‍රමාණයම නැවත වගා කර ඇතැයි තල් සංවර්ධන මණ්ඩලය පවසයි. 

පසුගිය වසර 4 ඇතුලත අලුතින් තල් ගස් ලක්ෂ දෙකක් රෝපණය කිරීමට පියවර ගත් බව එම මණ්ඩලයේ සභාපති ආචාර්ය ක්‍රිශාන්ත පතිරාජ මහතා අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දුන්නේය.

මත්තල තල් සංවර්ධන මණ්ඩල පරිශ්‍රය නිරීක්ෂණය සඳහා  කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා එහි ගිය අතර  එහිදී තල් ආශ්‍රිතව නිෂ්පාදනය කර තිබු උපකරණ මෙන්ම විවිධ ආහාර ද්‍රව්‍ය ද ප්‍රදර්ශනය කරනු ලැබීය.



අදහස් (2)

තල් අරක්කුවලට කැනඩාව වහ වැටෙයි

sisil Thursday, 09 November 2023 05:02 PM

තල් අරක්කු සඳහා කැනඩා වෙළෙඳ පළේ ඉහළ ඉල්ලුමක් පවතින හේතුවක් නම් යාපනයේ පුරවැසියන්ගෙන් 70% පදිංචිය කැනඩාවේය...

:       0       12

ravin Thursday, 09 November 2023 05:56 PM

ශ්‍රී ලංකාව හැර ශ්‍රී ලාංකීය සම්භවයක් ඇති දමිළ ජනතාව වසන රට කුමක්ද? ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියලා කතාවකුත් තියෙනවා නේද? 

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site