(සුජිත් හේවාජුලිගේ )
තෛලෝක විජය පත්‍ර හෙවත් කංසා ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ආයෝජකයන් කැඳවීමට කැබිනට් අනුමැතිය අද (5) හිමිවිය.
එම කැබිනට් පත්‍රිකාව සංචාරක රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළාය.
දේශීය නගා සිටුවීමේ පරම පවිත්‍ර අධිෂ්ඨානයෙන් ඉදිරිපත් කළ එම පනතට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීම ගැන තමා ඉමහත් සතුටට පත්වන බව රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
විදේශ විනිමය ගෙනෙන ඩොලර් මැෂිම මෙම කැබිනට් අනුමැතිය සමග තමා ලංකාවේ සවි කරන බව පැවසූ ගමගේ මහත්මිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවාදී තීරණ ගැනීමේදී කිසිම බලවේගයකට යටත් නොවන රොබින් හුඩ් වැනි වීරයකු බවද සඳහන් කළාය.
ඖෂධීය ශාකයක් ලෙස ආයුර්වේද පනතින් 1964 දී ශ්‍රී ලංකාව ඇතුළු ආයුර්වේද ක්ෂේත්‍රයට ප්‍රමාණවත් ලෙස වගා කිරීමට ආයුර්වේද කොමසාරිස්වරයාට නෛතික බලය දී තිබුණද එමගින් විදේශීය ආයෝජන ලබා ගැනීමට සහ ඩොලර් ඉපයීමට කිසිම උපක්‍රමයක් නොතිබූ බව ගමගේ මහත්මිය පැවසුවාය.
ඩයනා ගමගේ මහත්මිය මෙසේ පැවසුවේ එම කැබිනට් පත්‍රිකාවට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
2025 දෙසැම්බර් මස 18
232
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
174
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
979
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තෛලෝක විජය පත්‍ර වවන්න කැබිනට් අනුමැතිය
jayasundara Monday, 05 February 2024 07:14 PM
මමත් රොබින් හුඩ් බලලා තියෙනවා... ඒත් කොතැනකවත් ලෝක හොරු රකිනවා දැකලා නෑ...
නිර්මාල් Monday, 05 February 2024 07:38 PM
කංසා වවන්න ඔය ඇමැතිලාගේ පවුල්වල අයටයි, යාලුවන්ටයි තමයි අනුමැතිය ලැබෙන්නේ... වෙන කාටවත් අනුමැතිය දෙන්නේ නෑ. කංසා ඒකාධිකාරය තමන් ළඟ තියාගෙන උපරිම ලාබගන්න දේශපාලකයින්ගේ තවත් උප්පර වැට්ටියක් ඕක....!
Dasa P Tuesday, 06 February 2024 12:47 AM
ගණිකා වෘර්තියත් අනුමැතිය ගත්තානම් මැෂිම අංග සම්පූර්ණයි
Pubudu Tuesday, 06 February 2024 08:52 AM
සල්ලි හොයන්න අපේ කැලෑ ටික විකුනන්න තමයි වෙන්නේ