IMG-LOGO

2025 මැයි මස 13 වන අඟහරුවාදා


තරුණ විද්‍යාඥයා අනතුරින් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

තෙමස් වියැති කුළුඳුල් දරුවාගේ කිරි දානයට මල් රැගෙන නිවස කරාසුඛෝපභෝගී මෝටර් රථයකින් පැමිණෙමින් සිටි තරුණ විද්‍යාඥයකු ගෝනපොල කුඹුක ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස දමා තිබූ මාර්ග බාධකයක ගැටි  මියගිය බව මොරගහහේන පොලිසිය කියයි.

අනතුරින් මිය මියගොස් ඇත්තේ ගෝනපොල කුඹුක නැගෙනහිර පදිංචි නැනෝ තාක්ෂණ ආයතනයේ පරීක්ෂක විද්‍යාඥයෙක් වන විමුක්ති ප්‍රසාද් ජයවීර 37 නමැත්තෙකි.

මියගිය විමුක්ති මහතා මාස තුනක් වයසැති තම කුළුඳුල් දරුවාට අද අළුයම ලබාදීමට නියමිතව තිබූ කිරි දානය සඳහා මල් රැගෙන ඒම සඳහා පිලියන්දල ප්‍රදේශයට ගොස් යලි නිවස කරා පැමිණීමේ දී ටෙලිකොම් ආයතනය මගින් සිදුකළ සංවර්ධන කටයුත්තකින් පසු අනාරක්ෂිත අයුරින් තබා තිබූ මාර්ග බාධක හා කොන්ක්‍රීට් තට්ටුවක් මත මෝටර් රථය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි.

අනතුරක් සමඟම මෝටර් රථයේ වායු බැලුන් දෙක ක්‍රියාත්මක වී ඇති අතර මීටර් 100 ක් පමණ ඉදිරියට ඇදී ගිය මෝටර් රථය මැද දූපතේ ගැටී නතර වී ඇතැයි පොලිසිය කියයි.

මෝටර් රථයේ වායු බැලුන් ක්‍රියාත්මක විමත් සමගම එයින් විසි වූ ප්ලාස්ටික් කැබැල්ලකින් ඔහුගේ ගෙල ප්‍රදේශය තදින් කැපී ඇති අතර  රෝහල ගත කිරීමෙන් පසු මියගොස් ඇත.



අදහස් (11)

තරුණ විද්‍යාඥයා අනතුරින් මරුට

පිටිගල මිලානෝ Saturday, 04 February 2023 09:13 PM

රටටම පාඩුවක්. නිවන් සුව ලැබේවා.!

:       1       32

pakeer Saturday, 04 February 2023 10:00 PM

බොහොම කණගාටුදායකයි. ටෙලිකොම් වැනි ප්‍රධාන පෙලේ සමාගමක් වෙලත් ආරක්ෂාව පිළිබඳ කිසිම වගකීමක් නැතුව ක්‍රියා කරලා තියෙන්නේ.

:       1       36

Kumara Sunday, 05 February 2023 05:19 AM

ටෙලිකොම්, ජල සම්පාදන මාර්ග සංවර්ධන අධිකාරිය පාරේ වලවල් කපා ඒවා අනාරක්ෂිත තැබීම නිසා මෙම අනතුර සිදුව ඇති බව පේනවා. අනිවාර්යයෙන්ම ඔවුන් මේ මරණය සඳහා වගකිව යුතුයි.

:       0       46

Lion Sunday, 05 February 2023 07:10 AM

Here in Australia so many vehicles (all brands) were recalled for a Air Bag safety breach. (Yes it was related to risk of accident on deployment) Did it happen in Sri Lanka? Sue the company.

:       2       26

Sarath Sunday, 05 February 2023 08:55 AM

Don't use luxury car word this is just a 15 years old he Honda insight car because of the old car airbag system he died thanks to srilankan government we pay many taxes and buy less safety cars

:       5       28

tokkaa Sunday, 05 February 2023 02:03 PM

පණ්ඩිතයින්ට ඒදණ්ඩේ යන්න බැහැ කියන්නේ මේවට... කොච්චර උගත් වුණත් වැඩක් නැහැ... එයාගේ ජීවිතය, වාහනය පාලනය කරගන්න දන්නේ නැතිනම්.. කණගාටුයි...

:       40       2

සෙනෙවිරත්න Sunday, 05 February 2023 09:32 PM

බාදකයක් නැති පාරක එකවර වලක් කොන්ක්‍රීට් ගැට්ටක් තිබුනොත් ඕනම කෙනෙකුට ඔය වරද වෙන්න පුලුවන් , ජල සමපාදන අයත් පාර හාරල යන්තම් පස් දාල යනව ටික දවසකින් වලක්, වේගෙන් ගියොත් රෝදයක් ගැලවෙන්නත් ඉඩ තියෙනව. බොහෝ වෙලාවට ඕව කරන සාමාන්‍ය අයයි. නිළධාරියො පලාතක නැහැ, කාලකන්නි කුහක වැඩ. එතුමාට නිවන් සුව. මේ කාලකන්නි දේශපාලූවො ඕයෙ වැටෙන්නෙ නැති එකයි කරුමය.

:       0       1

tokkaa Monday, 06 February 2023 03:10 AM

අපි රියපදවනකොටො බලාපොරොත්තු නොවුන දේවල් මාර්ගයෙ තියෙන්න පුලුවන් එ නිසා මෙ වාහනය පදවන්නා තමයි කල්පනාකාරී වෙන්න ඔනෙ.

:       0       1

සෙනෙවිරත්න Sunday, 05 February 2023 09:40 PM

විද්‍යාඤයෙක් වෙලත් මේ වගේ මිත්‍යා වැඩ කරන එකයි ප්‍රශ්නය. වෙන ගමනක් ගියත් වෙන්න තිබුන. නමුත් මේ වෙලාවෙ යාමට කාරනාව උන මේ ක්‍රියාවට අනුබල දුන් අය මෙය කෙසේ සිහිපත් කරන්නද?

:       1       1

Lakshika Alwis Sunday, 05 February 2023 10:14 PM

එයාර් බෑග් තාක්‍ෂණයෙන් වැඩි හරියක් පෙනෙන්නේ රියදුරු හිස දෙසට යොමු කර ඇති ආරක්‍ෂිත මුදා හැරීමේ තුවක්කුවකි. ප්‍රේරකය ඉදිරිපස බලපෑම් සංවේදක සහ අනතුර වනු ඇත.. SRS සහ අදාළ එයාර් බෑග් නිෂ්පාදකයා අමතන්න, විදේශීය සමාගම්වලින් වන්දි ඉතා ඉහළ වනු ඇත… ආරක්ෂාව සඳහා SRS එයාර් බෑග් ප්‍රදේශ අසල කිසිම ද්‍රව්‍යයක් දාන්න එපා කියලා අත්පොතෙහි සඳහන්ව ඇත

:       0       2

අනුර Monday, 06 February 2023 02:22 PM

මෙය වායු බෑගයේ ප්‍රශ්නයක්. ටොයෝටා ලංකා ඇතුලු බොහෝ කම්පැනි වාහන නැවත ගෙන්වා නිවැරැදි කර තිබෙනවා. 2005 - 2015 අතර ඇතිනම් ඔබේ වාහනය ගැනත් විමසිල්ලෙන් ඉන්න.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නීති විරෝධී යතුරු පැදි 16ක් අල්ලයි
2025 මැයි මස 13 61 0

නීති විරෝධී අයුරින් කොටස් ආනයනය කර එකලස් කළ බව කියන රුපියල් කෝටි 2 - 1/2 කට අධික වටිනා අධිබලැති යතුරුපැදි හතරක් හා යතුරුපැදි 16 ක් සමග තරුණයන් 16 දෙනක අත්අඩංග


ගල්කිස්සේ තරුණයා ඝාතනයට හවුල් දෙකක් මාට්ටු
2025 මැයි මස 13 560 0

ගල්කිස්සේදී මාර්ගයේ පවිත්‍ර කරමින් සිටි 19 හැවිරිදි තරුණයකුට පසුපස එළවමින් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගු


විදෙස් ශ්‍රමිකයන්ගෙන් ලොකු තෑග්ගක්
2025 මැයි මස 13 807 0

මෙම වසරේ ජනවාරි පළමු වැනිදා සිට අප්‍රේල් මස 31 වැනිදා දක්වා කාලයේදී රැකියා සඳහා විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ඇමෙරිකානු ඩොලර් බිලියන 2.46 ක් මෙරටට


තරුණියක ගින්නට අසුව මියයයි
2025 මැයි මස 13 1958 0

කොට්ටාව විහාර මාවතේ නිවසක තනිව සිටි 19 හැවිරිදි තරුණියක ගින්නකට හසු වී මිය ගොස් ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


අලදෙණියේ බස් අනතුරක් 29ක් රෝහලට
2025 මැයි මස 13 1830 0

අලදෙණිය කුළුගම්මන කුරුඳුගහමඩ ප්‍රදේශයේදී සිදු වූ බස් රථ අනතුරකින් පුද්ගලයන් 29 දෙනකු තුවාල ලබා රෝහල් ගතකොට ඇති බව පොලීසිය කියයි.


පළාත් කිපයකට වැසි වාර කිපයක් ඇති වේ
2025 මැයි මස 13 130 0

බස්නාහිර, සබරගමුව,සහ වයඹ පළාත්පලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1244 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1519 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 398 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site