(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ යෝජිත නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත මගින් ත්‍රස්‌තවාදය වැළැක්වීමේ පනතේ තිබූ දෝෂ නිවැරදි නොවන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කළේය.
නව නීතිය ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව එම විශේෂඥයන් පැවසුවේය.වත්මන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත එහි නොපැහැදිලි භාවිතයන්, මූලික මානව හිමිකම් ආරක්ෂා කිරීමට විධිවිධාන අවම වීම සහ ස්වාධීන අධීක්ෂණයක් නොමැතිකම හේතුවෙන් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බව මීට පෙර මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කර තිබූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
නව පනත් කෙටුම්පත මගින් මෙම දෝෂ නිවැරදි නොවීම ඉතාමත් කණගාටුදායක කරුණක් බවද එම විශේෂඥයන් පැවසූ බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
නව පනත් කෙටුම්පත මගින් ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනයට ඉතා සීමිත වෙනස්කම් කිහිපයක් පමණක් එක් කර තිබෙන බවත් නව පනත් කෙටුම්පත මගින් පොලිස් බලතල යම් ආකාරයකින් වැඩි කර ඇති බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් පවසා ඇත.කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නව පනත් කෙටුම්පතක අවශ්‍යතාවය හඳුනාගෙන තිබීම පිළිබඳව සතුටට පත්වන බවත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ ධනාත්මක තැන් කිහිපයක් තිබෙන බවත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයන් ප්‍රකාශ කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ දෝෂ නිවැරදි කර නෑ
අරවින්ද මොනරවිල Thursday, 19 October 2023 02:05 PM
රනිල් රාජපක්ෂලා මොන මානව හිමිකම්ද, හොරකම් මිසක !