IMG-LOGO

2025 අගෝස්තු මස 09 වන සෙනසුරාදා


ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කාදිනල්තුමෝ එරෙහි වෙති

(යොහාන් භාසුර)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත  වහා අහෝසි කරන්නැයි බලකරමින් ජනතා අත්සන් ලබාගැනීමේ  පෙත්සමට  අගරදගුරු  මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ අස්සන් යොදා තිබේ. 

දෙමළ ජාතික සන්ධානයේ මූලිකත්වය මත  සියළු ජාතින් නියෝජනය වන සිවිල් හා දේශපාලන බලවේගවල සහායෙන් මෙම පෙත්සම් ව්‍යාපාරය දීපව්‍යාප්තව සිදුවන අතර කොළඹ දිස්ත්‍රික්කයේදී මෙම පෙත්සමට අත්සන් ලබාගැනීම කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී සිදුවිය.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් ශානක්‍යන්  මහතා  අගරදගුරු හිමිපානන් හමුවී  මේ පෙත්සම ඉදිරිපත් කර තිබේ.



අදහස් (31)

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට කාදිනල්තුමෝ එරෙහි වෙති

Alfread de Costa Thursday, 17 February 2022 10:03 AM

කොහොමත් රායප්පු ජෝශප්ලා, එමෑනුවෙල්ලා වගේ කොටි අත් පාලනය කරේ මෙයාලානේ... උතුරේ මෙයාලාගේ ආගම පැතිරෙව්වේ කොටින්ගේ උදව් වෙන්නේ... ඉතින් අත්සන් කරන්නම ඕනෑනේ...!

:       0       0

මහමොලකරු Thursday, 17 February 2022 10:06 AM

ඔය පනින්නේ බලල්ලු මල්ලෙන් එලියට. එදා ඉඳන් ත්‍රස්ථයන්ට ජාත්‍යන්තර සහය අරන් දුන්නේ කවුද කියල දැන් තේරෙනවනේ..

:       18       80

senaThursday, 17 February 2022 01:43 PM

තනිකරම වැරැදි කතාවක්.. ත්‍රස්තවාදය මර්ධනය කළ යුතුයි. නමුත් අපේ රටේ සිද්ද වෙන්නේ ත්‍රස්තවාදී පනත පාවිච්චි කරලා රාජ්‍ය ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක වෙනවා. ඒක නැවැත්විය යුතුයි.

:       0       0

මාමThursday, 17 February 2022 04:37 PM

අපි නම් දන්නා විදියට ඔහේලගේ මහරජාත් ජිනීවා ගියා ඔය වගේ පනතකට විරුද්ධව...

:       0       0

Santheepan Thursday, 17 February 2022 10:16 AM

හැංගි හැංගි වෙස් බැන්දට නටන්න වෙන්නෙ එලිපිට කියන්නෙ ඕකට තමයි. ජේ ආර් එක්ක එකතු වෙලා එල්ටීටීයට පණ දුන්නේ ඔයාලම නේ. දැන් දුකද ඒක නැති වෙනවට. ඔහොම යන්කෝ

:       9       71

කිරි පුතා Thursday, 17 February 2022 10:23 AM

දේශපාලනය කරනකොට පරස්සම් විය යුතුයි. තැන් තැන් වලදි අන්ධව හැසිරුණොත් තමන්වයි පිරිහෙන්නේ. ත්‍රස්තවාදී වැලක්වීම ට විරුද්ධ වන්නේ ත්‍රස්තවාදීන් මිසක වෙන කවුරු ද ? සාමාන්‍ය නීත්‍යානුකූල ජනයා ඊට පූර්ණ සහයෝගය දැක්විය යුතුයි

:       11       60

SL Thursday, 17 February 2022 10:33 AM

එතකොට ත්‍රස්තවාදී ප්‍රහාර උනාට කමක් නැතිද. මෙම පනත් ලෝකේ හැම රටකම් තියෙනව ,ඒ රටේ ආරක්ෂාවට. එයින් අඩු වැඩි වශයෙන් සැකයට භාජනය වුනු නමුත් ත්‍රස්තයින් නොවන කිහිප දෙනෙක් අත් අඩංගුවට ගැනීම් සිදුවෙනවා. මේ තත්වය ලංකාවට විතරක් නොවේ ලෝකේ ඕනෙම රටකට පොදු දෙයක්. මෑතකදී නවසිලන්තේ වුන ඉස්ලාම් අන්තවාදියාගේ ප්‍රහාරය පෙර ඔහු අල්ලගන්න බැරිව හිටියේ හරි හැටි ත්‍රස්තවාදී පනතක් රටේ නොතිබුන නිසා. ඕනෙවට වැඩිය රටේ දේශපාලනයට සහ ආරක්ෂාවට ඇතුළුවීමට සංඝයා , කාදිනල් ,මවුලවි , ඇතුළු ආගමික නායකයින් ට ඉඩක් නොදිය යුතුයි. දියවන්නාවේ ගොබ්බයින් ඉන්නේ මෙවැනි පනත් ගැන හොඳ විවාදයක් කරලා සම්මත කරගන්න මෙතන මේ නටන්න කොටි ත්‍රස්තයින්ට කිරි පොවපු දෙමල සන්ධානේ.

:       5       70

thusharaThursday, 17 February 2022 01:22 PM

ලංකාවෙයි, නවසීලන්තෙයි තියෙන්නේ වර්ග 2ක ප්‍රජාතන්ත්‍රවාදයක් මහත්තයෝ...!

:       0       0

ලමයThursday, 17 February 2022 04:40 PM

දන්නේ නැති හින්දයි අහන්නේ... මේ කමෙන්ට් වලට කීයක් ගෙවනවද?

:       0       0

RRR Thursday, 17 February 2022 10:59 AM

ඉතිං ඵයා විරැද්ද උනාට අපිට මොකද..

:       4       46

යෝගා Thursday, 17 February 2022 11:24 AM

ඔය පනින්නේ බළල්ලු මල්ලෙන් එලියට

:       11       80

fairoosThursday, 17 February 2022 02:27 PM

මේ පනතේ තියෙන දේවල් දන්නවද? දන්නේ නැතිනම් කට වහගෙන ඉන්න.

:       0       0

uk ran Thursday, 17 February 2022 01:03 PM

ඕවානම් ඕන නැති වැඩ කාදිනල් තුමනි .මොකද ත්‍රස්තයෝ නිසා තමයි එදා පාස්කු ප්‍රහාරයටත් උනේ.ඒකට විරුද්ධ වෙනවා කියන්නේ ත්‍රස්තයින්ට උදවු කරනවා කියන එක

:       8       73

BamunuarachchiFriday, 18 February 2022 07:36 AM

ආ මල්ලි ඔය වැඩ කරන්න එපා.. යමන් පුතා ගෙදර කියලා අසාද් සාලි හම්බ ත්‍රස්තයින් ගෙදර එක්ක ගියා වගේ පනතක්ද කාදිනල්තුමාට ඕනේ?

:       0       7

සනත් Thursday, 17 February 2022 01:28 PM

කාදිනල්තුමෝ, ඔබතුමා පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයින්ට දඬුවම් දෙන්න කියා කෑමොර දෙමින් දැන් මේ කියන්නේ කවරක්ද? දැන් හොඳටම වැටහෙනවා ඔබතුමාගේ හැසිරීම...

:       0       0

Don perea Thursday, 17 February 2022 01:38 PM

වහල්ලුන්ට ඇලජික් වගේ...!

:       0       0

විපුල Thursday, 17 February 2022 01:49 PM

ඔය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ලංකාවේ ක්‍රියත්මක වුණා කියලා අල්ලපු ත්‍රස්තවාදියෙක් මෑත කාලෙදී නම් මට මතක නෑ. හැබැයි මේ සතියේ එක් සමාජ ක්‍රියාකාරිකයෙක් සුදු වෑන්එකෙන් අරන්ගියා. ත්‍රස්තවාදයට එරෙහිව කතාකරපු නිසා...!

:       0       0

naleen Thursday, 17 February 2022 01:56 PM

පනත අහෝසි කරන එක නොව, එහි ඇති නරක කරුණු ඉවත් කොට විධිමත් කොට සැකසීමයි සිදුවිය යුත්තේ... කියන කියන විදිහට කරන්න ගියොත් රටක් කරන්න වෙන්නේ නෑ..

:       0       0

GEMUNU Thursday, 17 February 2022 01:59 PM

ඇඟේ හෝ ඇඳුමේ අසූචි තවරාගන්න නම් එපා...!

:       0       0

Prabha Thursday, 17 February 2022 02:28 PM

දකුණේ බෝම්බ පුපුරවනකොට මීක් කියපු නැති කතෝලික පල්ලිය කොටින්ට කවදත් කිව්වේ කැරලිකාරයෝ කියලා...

:       0       1

අනුර පැස්කුවල් Thursday, 17 February 2022 02:37 PM

දාලා තියෙන කමෙන්ට්ස් වලින් තේරෙනවා ලංකාවේ ඉන්න මිනිස්සු මොනතරම් අබුද්ධිකයිද කියලා. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත, දූෂණ මර්ධන පනත වගේ නමක් දැක්කාම අබුද්ධික කෙනෙකුට හිතෙන්නේ ඇයි මේ වගේ හොඳ දේකට විරුද්ධ වෙන්නේ කියන එක. පනත කියවා ඔය ලස්සන වචන අස්සේ තිබෙන අතිශය සමාජ විරෝධී කරුණු තේරුම් ගන්නේ සබුද්ධිකයෙක් පමණයි. නොඑසේ නම් ඒ පනතට අනුව අහේතුකව තමාව පැහැරගෙන වද බන්ධනයකට ලක්වෙන විට පමණයි.

:       0       0

Senarath Thursday, 17 February 2022 02:38 PM

අපිට දැන් කාදිනල්තුමා ගැනත් සැකයක් උපදිනවා මේ කරන වැඩෙන්.. ත්‍රස්තවාදයෙන් බැට කාලා ඒකේ වින්දිතයින්ට සාධාරණයක් කරන්න වෙහෙසෙන කාදිනල්තුමා කොහොමද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට විරුද්ධ වෙන්නේ?

:       0       0

Surain Thursday, 17 February 2022 03:10 PM

ඔය පනත යල් පැන ගිය අහිංසක ජනතාවත් නඩු නැතිව සිර ගත කරගෙන ඉන්න පුළුවන් පනතක්

:       43       5

MenakaThursday, 17 February 2022 03:56 PM

සෑම රටකටම ත්‍රස්ථවාදය වැළැක්වීමේ අණපණත් තියෙනවා. මොකද හැම රටකටම ත්‍රස්තවාදය කියන එක දැන් තර්ජනයක් වෙලා තියෙන නිසා. ඒ පනත දුර්වල වුණොත් වෙන සිද්ධිය තමයි අර SL කියලා තියෙන්නේ... ඔය පනත දුර්වල වුණොත් ත්‍රස්තයින් දවසෙන්, දෙකෙන් නිදහස් වෙලා ගේම ඊට වඩා ලස්සනට කරගෙන යයි. අවුරුදු 30ක් ගුටි කාලාත් හැදෙන්නේ නැති අය අපේ රටේ ඉන්නේ...!

:       0       0

ලමයThursday, 17 February 2022 04:35 PM

මේ රජය තම විරුද්ධවාදීන් මෙල්ල කරන්න ගෙනාපු පනතකි...

:       0       0

BamunuarachchiFriday, 18 February 2022 07:31 AM

ත්‍රස්තමර්දන පනත්වලට බය වෙන්න ඕනේ ත්‍රස්තයෝ... අපි මොකටද බය වෙන්නේ? ඔය පනතේ අල්ලගත්තු ගමන් එල්ලනවා කීවත් අපිට කමක් නැහැ... ජීවීපී ත්‍රස්තයෝ, හම්බ ත්‍රස්තයෝ, LTTE ත්‍රස්තයෝ තමයි බය වෙන්න ඕනේ. ඔබ මොන ත්‍රස්තයෙක්ද?

:       0       19

ජුණ්ඩප්පුවා Thursday, 17 February 2022 04:43 PM

හපෝයි... මොලේ හොඳටම කොළොප්පං වෙලා වගේ... කෝ මේ සිරිල්?

:       0       0

රන්ග Thursday, 17 February 2022 04:47 PM

කන්න නැතත් රටක් හොයපු අම්බරුවන් ටික උඩ කමෙන්ට්ස් දාලා....!

:       0       0

චන්දන Thursday, 17 February 2022 05:01 PM

මෙයාලා එන පොට හොඳ නැහැ කියලා අපි නම් මීට කාලෙකට කලින්ම තේරුම් ගත්තා. පාස්කු ප්‍රහාරය ගැන කොතරම් පරීක්ෂණ කළත් නරකම දකින හේතුව දැන් පැහැදිලියි නේද?

:       0       0

Bamunuarachchi Thursday, 17 February 2022 06:55 PM

මට හිතෙන්නේ පාස්කු ප්‍රහාරයත්.., කාදිනල් කලින් දැනගෙන ඉන්න ඇති.

:       0       0

Bamunuarachchi Saturday, 19 February 2022 02:13 PM

කාදිනල්තුමනි, 2008 ඉන්දියාවේ මුම්බායි හෝටලේට හම්බ ත්‍රස්තයින් ප්‍රහාරයක් එල්ල කරලා 163 දෙනෙක් මැරුවා. මහා මොලකරුවා ෂකුර් රෙහ්මාන්ට පාකිස්තාන් ත්‍රස්ත මර්ධන අධිකරණය නියම කලේ ටීවී, සෙල් ෆෝන්, සහිත සුපිරි පැලැන්තියේ සිරගෙයක අවුරුදු 5 සිට දඬුවමක්. ඒ වගේ නීතීද කාදිනල්ට ලංකාවෙත් ඕනේ?..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 435 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 314 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 485 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site