IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රස්තවාදීන් යැයි රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග

 

(යොහාන් භාසුර)

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටින පුද්ගලයන්ගේ සංඛ්‍යාව ඇතුළු තොරතුරු මේ මස 28 වැනිදාට පෙර මුදාහරින ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව පොලිසියට නියෝග කර තිබේ.

මෙම තොරතුරු නිශ්චිත කාලය ඇතුළත ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංකා පොලිසියට සහ තොරතුරු නිලධාරීට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට තීරණය කළ බව ද කොමිෂන් සභාව දැනුම් දී ඇති අතර තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව එලෙස නියෝග කළේ නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා ගොනු කළ අභියාචනයක් විභාග කිරීමෙන් පසු තීන්දුව ලබා දෙමිනි.

වසර 2019 සිට 2021 නොවැම්බර් දක්වා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටි සංඛ්‍යාව, ඔවුන්ගේ වයස් ඛාණ්ඩ, ස්ත්‍රී සහ පුරුෂ ලෙස සංඛ්‍යාව ඇතුළු තොරතුරු ඉල්ලමින් පොලිස් මූලස්ථානයට තොරතුරු දැන ගැනීමේ පනත වටතේ තොරතුරු ඉල්ලීමක් යොමු කර තිබිණි.

පොලිස් නීති කොට්ඨාසයේ එවකට අධ්‍යක්ෂවරයා වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී දර්ශන ගාල්ලගේ මහතා පිළිතුරු ලිපියක් මගින් නීතිඥවරයා ඉල්ලා ඇති තොරතුරු අදාල පනත යටතේ ‘තොරතුරු’ යන ඛාණ්ඩයට අදාල නොවන බවයි.

ඒ අනුව නීතිඥ සුරේන් ඩී පෙරේරා මහතා තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවට අභියාචනා කළේය. එම අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු (විශ්‍රාමික) උපාලි අබේරත්න, අභියාචනාධිකරණයේ හිටපු සභාපති විනිසුරු (විශ්‍රාමික) රෝහිණී වල්ගම, ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටො ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් ලියන ආරච්චි යන කොමසාරිස්වරුන් ඉදිරියේදී විභාගයට ගැණිනි.



අදහස් (1)

ත්‍රස්තවාදීන් යැයි රඳවා සිටින අයගේ තොරතුරු දෙන්නැයි නියෝග

Perera Saturday, 08 October 2022 12:15 AM

ලංකාවට එරෙහි මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ජාත්‍යන්තර යෝජනාව 20ට 7ක් ලෙසින් සම්මත වූවට පසුව ඔක්කොමලා කලබල වෙලා වගේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 301 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 198 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 996 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site