IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ත්‍රිරොද - වෑන් ගැටී දැරියක මරුට:හයක් රෝහලට

(ඩී.ජී. සුගතපාල)

පොලිස් සැරයන්වරයකු පදවාගෙන ගිය ත්‍රි රෝද රථයක් අනතුරට ලක්විමෙන් අවුරුදු 06ක් වයසැති ඔහුගේ දියණිය මියගොස් බිරිඳ ඇතුලු සිව් දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.

ඇල්පිටිය පිටිගල ප්‍රෙද්ශයේ පදිංචි මතුගම පොලිසියට අනුයුක්තව සේවය කරනු ලබන සැරයන්වරයා පදවාගෙන පැමිණි ත්‍රිරෝද රථය කුරුඳුගහහැතැක්ම ඉන්දන පිරවුම්හල ඉදිරිපිටදි ඉදිරියෙන් පැමිණි වෑන් රථයක මුහුණය මහුණලා හැපිමෙන් අනතුර සිදුව ඇත.

එහිදි සැරයන්වරයාගේ දියණිය මියගොස් බිරිඳ ඇතුලු පස් දෙනෙකු තුවාල ලබා ඇල්පිටිය රෝහලට ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.

අනතුරෙන් සැරයන්වරයාට සුලු තුවාල සිදුව ඇති අතර ඔහුගේ 29 හැවිරිදි බිරිඳ, 09 හැවිරිදි වැඩිමහල් දියණිය, මස්සිනා, මස්සිනාගේ බිරිඳ මස්සිනාගේ දියණිය,තුවාල ලබා ඇත.

රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවේ බරපතල තුවාල ලබා සිටි සැරයන්වරයාගේ බිරිඳ කරාපිටිය රෝහලට මාරුකර යැවිමට පියවර ගත් බවයි.

ත්‍රිරොදය පැදවූ පොලිස් සැරයන්වරයා බීමත්ව සිටියේ දැයි පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

 



අදහස් (5)

ත්‍රිරොද - වෑන් ගැටී දැරියක මරුට:හයක් රෝහලට

nipuna Tuesday, 15 April 2025 09:08 AM

පොලිස් නිලධාරියෙකු වුණත් ප්‍රමාණය ඉක්මවා මගීන් අරන් ගිහින් වගේ.

:       0       0

real man Tuesday, 15 April 2025 09:45 AM

බොහෝ තැන්වල වැරද්දක් කළොත් පොලිස්කාරයෙක් ඉන්නවා... මොවුන්ගේ ඔළුව හෝදන්න ඕනෑ.

:       0       0

Kamal Koyrala Tuesday, 15 April 2025 10:52 AM

ශෝකජනක පුවත් වුණත් නීති රකින අයනම් කී දෙනෙක් පටවාගෙන ගිහින්ද?

:       0       0

ක්‍රිෂාන් Tuesday, 15 April 2025 12:38 PM

පොලිස් සාර්ජන්ට් කෙනෙක් වෙලත් ත්‍රිවිල් පදවන විට එහි යා හැකි උපරිම සංඛ්‍යාව ගැන දැනුවත් නැතුව නොසිටියා වෙන්න බැහැ. ත්‍රීවිල් එක උපරිම 3 රියදුරු නොමැතිව පොලිස් සාර්ජන්ට්ගේ ත්‍රිවිල් එකේ පිටුපස 6ක් සිට තිබෙනවා එයිනුත් ත්‍රීවිල් වසා නොමැති පැත්තේ අය තමයි සාර්ජන්ට්ගේ මියගිය දියණිය හා අසාධ්‍ය තත්වයෙන් සිටින බිරිඳ සිට ඇත්තේ එතැනින් එළියට විසිවී යාමෙන් ලැබූ තුවාල නිසා ඒ තත්වයන්ට පත්වෙන්න ඇත්තේ ඔහු පොලිසියේ නිසා පොලිසියේ අයම අල්ලන නිසා බේරී යා හැකි නිසා බය නැතිව වේගයෙනුත් යන්න ඇති... පොලිසියේ අය බය නැතිව නීති කඩන එකට ඔය අනතුර එකක් පමණයි. අවුරුදු නෑගම් අවසන් විය...

:       0       0

ගුණරත්න Wednesday, 16 April 2025 07:44 AM

අලුත්ම ජපන් කාර් එකක් ගන්න සල්ලි දීලා අපි ගන්නේ ත්‍රී වීල්. ආණ්ඩුව අපට කරපු උදව්ව තමයි ඒ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site