(සිතුම් චතුරංග)
පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් යාපනය , කොළම්ඹුතුරෙයි උදයපුරම් ප්‍රදේශයේ දී අද දහවල් පෙරළීයාමෙන් ළමුන් නව දෙනකු හා ත්‍රීරෝද රථයේ රියදුරු තුවාල ලබා යාපනය ශික්ෂණ රෝහල වෙත ඇතුලත්කොට ඇතැයි යාපනය පොලිසිය කියයි.
පාසල් නිමවී නැවත නිවෙස් බලා යමින් සිටි සිසුන් පිරිසක් රැගත් ත්‍රීරෝද රථය වංගු සහිත ස්ථානයකදී පෙරලීගොස් තාප්පයක ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසීය.
යාපනය පොලිසිය පැවසූයේ උදෑසන ත්‍රීරෝද රථ දෙකක ළමුන් පිරිස ප්‍රවාහනය කොට ඇති බවත් එක් ත්‍රීරෝද රථයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ත්‍රිරෝද දෙකේම දරුවන් එක් ත්‍රීරෝද රථයක නංවා ප්‍රවාහනය කොට ඇති බවත්ය.
තුවාල ලැබූ ළමුන් පිරිස යාපනය කොළොම්ඹුතුරෙයි හිංදු විදුහලේ සහ කොළොම්ඹුතුරෙයි තුරෙයිරාසා මහ විද්‍යාලයේ ප්‍රාථමික ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු සිසුවින් පිරිසක් වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ත්‍රිරෝද රිය පෙරළී සිසු දරුවෝ 10ක් රෝහලට