
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පොලිස් ජීප් රථයක් අනවසරයෙන් රැගෙන ගොස් ගල්කිස්ස රත්මලාන බෙලෙක්කඩේ හන්දිය ආසන්නයේ දී ත්‍රී රෝද රථයක හප්පා එහි රියදුරුට තුවාල සිදු කළ කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස පොලිසිය කියයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට අනුයුක්ත කොස්තාපල්වරයෙකි.
සැකකාර කොස්තාපල්වරයා ඊයේ(28) අළුයම් කාලයේ උසස් නිලධාරීන්ගේ අවසරයක් නොමැතිව පොලිස් ජීප් රථය රැගෙන රත්මලාන මැලිබන් හන්දි දෙස සිට මොරටුව දෙසට ධාවනය කිරීමේ දී රත්මලාන දුම්රිය පෙළ පාර දෙස සිට බෙලෙක් කඩේ හංදිය හරහා ධාවනය වෙමින් තිබූ ත්‍රී රෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබූ බව පොලිසිය කියයි.
සැකකාර කොස්තාපල්වරයා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර අප මත මුදා හැරිය බව උසස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
ගල්කිස්ස මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ත්‍රීරෝද රථ රියදුරු හප්පා තුවාල කළ කොස්තාපල් අත්අඩංගුවට