(යොහාන් භාසුර)
පෙට්‍රල් ලීටරයක මිල ඊයේ මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 13 කින් ඉහළ දැමීමට සාපේක්ෂව ත්‍රීරෝද රථ ගාස්තු සම්බන්ධයෙන් ත්‍රීරෝද රථ රියදුරන්ට ප්‍රකාශයක් නොකරන බවත් ජනතාවත් සහ රියදුරාත් රැකෙන ආකාරයට ගාස්තු අයකරන ලෙස ඔවුන්ගෙන් ඉල්ලා සිටින බවත් සමස්ත ලංකා ත්‍රීරෝද රථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා ‘ලංකාදීප’යට පැවසීය.
ආණ්ඩුව මාසයෙන් මාසයට පෙට්‍රල් මිල සංශෝධනය කරන ආකාරයට ත්‍රීරෝද රථ ගාස්තු සංශෝධනය කළ නොහැකි බව කී ධර්මසේකර මහතා ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස ආණ්ඩු කීපයකින් ඉල්ලා සිටිය ද එය නොකළ බව ද සඳහන් කළේය.
වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා මුණගැසී මීට දින කීපයකට පෙර ද ත්‍රීරෝද රථ නියාමනයට කටයුතු කරන ලෙස ඉල්ලා සිටිය ද එය ඵළක් නොවූ බවත් ජනතාව අපහසුතාවට පත්වීම පිළිබඳව පාලකයන්ට ප්‍රශ්නයක් නොමැති නම් කළ යුතු වෙනත් විකල්පයක් නොමැති බවත් ලලිත් ධර්මසේකර මහතා වැඩි දුරටත් කීය.
2025 දෙසැම්බර් මස 18
352
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1008
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රීරෝද රථ ගාස්තුව පාකරයි
lankaputha Friday, 01 September 2023 02:14 PM
ඇයි මේ? මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න. ගොඩක් මිනිස්සුන්ට තේරෙනවා මේවාට ඉල්ලුම් කරන්න.
Bamunuarachchi Saturday, 02 September 2023 09:38 AM
ඔබලා ගාන වැඩි කලොත් අපි යන්නේ නැහැ. ලීටර් එකට වැඩි වුනේ රුපියල් 13 ලීටර් එකකින් කිලෝමීටර් අඩු ගන්නේ 20 යන්න පුළුවන්. මොවුන් කිලෝමීටර් එකකට රුපියල් 10ක් වැඩි කරනවා. ඒ කියන්නේ රුපියල් 200-13=187 ලාබ ලබනවා.
Bamunuarachchi Sunday, 03 September 2023 09:49 AM
ගාන වැඩි කළොත් නුඹලාට පාවෙන්න වේවි. නැතිනම් අපි නුඹලාව පා කරනවා...