
(එම්.කේ.නන්දසේන)
දඹගල්ල ප්‍රදේශයේ සිට කතරගමට පැමිණෙමින් තිබූ ත්‍රිරෝද රථයක් බුත්තල කතරගම මාර්ගයේ ගල්ගේ වනජීවි මුර පොල සීමාවෙිදී කතරගම දෙසින් ගිය ලොරි රථයක අද (10) උදෑසන මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් ගත් 15 හැවිරිදි පිරිමි ළමයෙකු මියගොස් ඇති අතර මව, පියා, නව හැවිරිදි සොයුරෙකු සහ හත් හැවිරිදි සොයුරියක බරපතළ තුවාල ලබා හම්බන්තොට මහ රෝහල වෙත යවා ඇතැයි කතරගම පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ ඩී.එම්.චමිදු නැමති 10 වසරේ ඉගෙනුම ලැබූ සිසුවෙකි.
ත්‍රීරෝද රථය පදවා ඇත්තේ මියගිය තරුණයාගේ පියා බවත්, ඔහු යුද හමුදා කෝප්‍රල්වරයෙකු බවත් පොලිස් රථවාහන අංශයේ නිළධාරියෙකු පැවසීය.
මෙම අනතුරින් එක් අයෙකු මියගොස් ඉතිරි හතරදෙනාම බරපතල තුවාල තත්වයේ පසුවෙන හෙයින් වැඩි විස්තර ලබා ගැනීම සඳහා පොලිසිය දැඩි වෙහෙසක් දරමින් සිටි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර කතරගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.පී.එස්. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි පොලිස් රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
470
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2219
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1668
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ත්‍රිරෝද රථයක් ලොරියක ගැටී අයෙක් මරුට 4ක් රෝහලට
Malaka Bandara Thursday, 10 July 2025 04:28 PM
කතරගම දෙවියෝ නෑ...
ගුණරත්න Thursday, 10 July 2025 07:37 PM
ආණ්ඩුවේ ප්‍රතිපත්ති වලට අනුව කළු කඩකාර වාහන වෙළෙන්දන්ගේ ගරානා මිලත් උන්ටම හරියන ලීසිං කඩකාර පොලී මුදලාලියා ආරක්ෂා කරන්න මිල පහත යා නොදී හිරකර ගන්නා නීතිය නිසා අපි වගේ සාමාන්‍ය පැලැන්තියේ මිනිස්සුන්ගේ පවුලේ වාහනය වෙලා තියෙන්නේ ත්‍රීරෝද රථය තමයි. අන්තිමේ පෝසත් ධනවත් පෙලන්තිය ආරක්ෂා කරන්න ගිහින් මැරිලා යන්නේත් දුප්පත් මිනිස්සුන් තමයි...