IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


ත්‍රි‘මලේ දුම්රියේ නියාමක මඟ හැලෙයි

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කොළඹ කොටුවේ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රියේ ප්‍රධාන නියාමකවරයා අතරමගදී බිම ඇද වැටීම හේතුවෙන් වෙනත් නියාමකවරයකු යොදවා එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය පාලක මැදිරියේ කියයි .

ත්‍රිකුණාමලය බලා යන දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයේ අද අලුයම නතර කිරීමෙන් පසු යළි ගමන් ආරම්භ කිරීම සඳහා නියාමකවරයාගෙන් සංඥා ලැබී නැත.

එම හේතුවෙන් කළ සොයා බැලීමේ දී නියාමකවරයා දුම්රිය නියාමක මැදිරියේ දක්නට සිට නැත.

පසුව දැන ගන්නට ලැබී ඇත්තේ දුම්රිය ධාවනය වෙමින් පැවතිය දී බුළුගහගොඩ ප්‍රදේශයේ දී නියාමකවරයා දුම්රියෙන් බිම ඇද වැටි රෝහල් ගත කර ඇති බවයි .

ඉන් අනතුරුව කොළඹ කොටුවේ සිට මහනුවර බලා යන නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියෙන් වෙනත් නියාමකවරයකු ගම්පහ දුම්රිය ස්ථානය බලා යැවීමට පියවර ගෙන ඇති බවද දුම්රිය පාලක මැදිරියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය .

පෙරවරු 7.30 එම දුම්රිය ගම්පහ දුම්රිය ස්ථානයට ලඟා වීමට නියමිතව ඇති හෙයින් ඉන් අනතුරුව ත්‍රිකුණාමලය බලා යන දුම්රිය යළි ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි බව ද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

 



අදහස් (3)

ත්‍රි‘මලේ දුම්රියේ නියාමක මඟ හැලෙයි

sam Sunday, 16 June 2024 08:12 AM

එතකොට නියාමක සමග සේවය කරන උප නියාමක (Under guard) නිදාගෙන හිටියද??

:       0       4

Manoula Sunday, 16 June 2024 08:40 AM

පව් අනේ එයාට නින්ද යන්න ඇති සහ ඩෝන් ගාල වැටෙන්නට ආති

:       0       1

නිමල් Sunday, 16 June 2024 08:48 AM

දුම්රිය සේවයට විශාල අපලයක් ලබා ඇති වගයි පේන්නේ. ලොක්කත් ලඟදී අකාලයේ නැති වුනා. හැමදාම කුමක් හෝ අකරතැබ්බක්. බලියක් ඇරලා බැලුවොත් නරකද?

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 523 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1067 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site