IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ත්‍රීපෝෂ සමාගම බඩඉරිඟු කන්ටේනර් 13ක් හරවා යවයි

(යොහාන් භාසුර)

ත්‍රීපෝෂ නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ත්‍රීපෝෂ සමාගම වෙත ආනයනකරුවන්ගෙන් ලැබුණු කන්ටේනර් 13 ක බඩඉරිඟුවල ‘ඇෆ්ලටොක්සීන්’ නැමැති රසායනිකය ඉහළ ප්‍රතිශතයක් අඩංගු වීම නිසා එම කන්ටේනර් නැවත හරවා යැවූ බව ලංකා ත්‍රීපෝෂ සමාගමේ උසස් නිලධාරියකු ‘ලංකාදීප’යට අද (22) පැවසීය.

එම කන්ටේනර්වල බඩඉරිඟු මෙටි්‍රක්ටොන් 260 ක් හෙවත් කිලෝග්‍රෑම් 260,000 ක් තිබූ බව කී එම නිලධාරියා පසුගිය මාසයක පමණ කාලය තුළ එම කන්ටේනර් 13 හරවා යැවූ බව ද සඳහන් කළේය.

ත්‍රීපෝෂ සමාගම පෞද්ගලික ආනයනකරුවන් හරහා බඩඉරිඟු ලබාගන්නා බව කී එම නිලධාරියා සඳහන් කළේ ප්‍රතික්ෂේප කළ කන්ටේනර් 13 එම ආනයනකරුවන්ට නිල වශයෙන් නැවත භාරදුන් බවයි.  

ත්‍රීපෝෂ නිෂ්පාදන සඳහා යොදාගන්නා ඕනෑම අමුද්‍රව්‍යයක් එම සමාගමට ලැබුණු පසු එහි පරීක්‍ෂාණාගාරයේදී අනිවාර්යෙන්ම පරීක්‍ෂා කරන බවත් එසේ පරීක්‍ෂා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම කන්ටේනර් 13 තුළ ගබඩාකර තිබූ බඩඉරිඟුවල ‘ඇෆ්ලටොක්සීන්’ අධි ප්‍රතිශතය හඳුනාගැනීමට හැකිවූ බවත් එම නිලධාරියා කීය.

වරායේදී රේගු සහ සෞඛ්‍ය නිලධාරීන් ආහාර ද්‍රව්‍යවල තත්ව පරීක්‍ෂා කර සමත්වීමෙන් පසුව කන්ටේනර් නිදහස් කළ ද ත්‍රීපෝෂ සමාගමේ පරීක්‍ෂාවෙන් පසුව තත්ව පරීක්‍ෂණය අසමත් වුවහොත් අමුද්‍රව්‍ය ප්‍රතික්ෂේප කරන බවත් බඩඉරිඟු ඇතුළු අමුද්‍රව්‍යවල ගුල්ලන් වැනි සතුන් කීපදෙනකු සිටිය ද නැවත හරවා යවන බවත් එම නිලධාරියා කීය.

ත්‍රීපෝෂ සමාගම නිෂ්පාදනය කරන ත්‍රීපෝෂ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් බෙදාරින බව කී එම නිලධාරියා එසේ බෙදාහැරිනු ලැබූ ත්‍රීපෝෂවල ප්‍රමිතිය පිළිබඳව කළ පරීක්‍ෂාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කීපයක පමණක් ‘ඇෆ්ලටොක්සීන්’ රසායනිකය අධි සංයුතියෙන් යුත් ත්‍රීපෝෂ හදුනාගෙන ඇති බවත්ය.

එම ත්‍රීපෝෂ පැකට් මව්වරුන්ට බෙදාහැර නොමැති මෙන්ම ඒවා මේ වන විට බෙදාහැරීමෙන් ඉවත් කර ඇති බවත් බෙදාහැරීමෙන් පසුව එහි ප්‍රමිතිය පිළිබඳව පරීක්‍ෂණ කිරීමේ වගකීම මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ට පැවරී ඇති නිසා එම නිලධාරීන් කළ පරීක්‍ෂා කළ පරීක්‍ෂාවකදී ‘ඇෆ්ලටොක්සීන්’ රසායනිකය අධි සංයුතිය හෙළි වී ඇති බවත් එම නිලධාරියා කීය.

වෙළෙඳපොලේ ඇති ත්‍රීපෝෂවලට සමාන ශක්තිජනක ආහාර රැසක ද ‘ඇෆ්ලටොක්සීන්’ රසායනිකය අධි ප්‍රතිශකයකින් පැවතීම නිසා සෞඛ්‍ය අංශ එම සමාගම්වලට එරෙහිව මේ වන විටත් නඩු පවා ඇති බව ද වාර්තා වේ. 



අදහස් (2)

ත්‍රීපෝෂ සමාගම බඩඉරිඟු කන්ටේනර් 13ක් හරවා යවයි

podi mole Thursday, 22 September 2022 02:10 PM

එතකොට අර අමන කෙහෙල්ගෙඩියා කිව්වේ ඕක බොරුවක් ඕක එළිදරව් කරපු නිලධාරියාට එරෙහිව නීතිය ක්‍රියාත් කොරනවා කියලා.

:       0       16

Nimal Thursday, 22 September 2022 04:58 PM

බදෙහාරීමට පසුව වගකීමPHIට. බෙදාහරින්න කලින් වගකියන්නේ කවුද හොයලා බලන්න. වරායේ සහ ත්‍රිපෝෂ නිෂ්පාදන සමාගමේ අය දෙගොල්ලන්ටම නඩු දාන්න. අහිංසක ළමයින් ගෙයි අම්මලාගෙයි ජීවිත එක්ක සෙල්ලම් කරනවට.

:       0       8

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 359 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 215 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site