IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


ත්‍රිපුද්ගල අධිකරණය මුදාහල සැකකරුවන් පංච පුද්ගල අධිකරණයෙන් කැඳවයි

(මනෝප්‍රිය ගුණසේකර)

ජාවාරම් කිරීම සඳහා කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී 2019 වසරේ උතුරු මුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහිව නඟා තිබු කුඩු ග්‍රෑම් 196 ක් ප්‍රවාහනය කිරීම සහ ජාවාරම් කිරීමේ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කළ විත්තිකරුවන් තිදෙනකු වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ ඒ සඳහා විවෘත වරෙන්තු අද (04) නිකුත් කළේය.

පෙත්සම් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජෙනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය කරුණු දක්වමින් මෙම නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරුණු තවරාසා සුදාකරන්, අලගේසුපිල්ලේ තවරාසා සහ කන්දයියා චන්ද්‍ර කුමාර නමැති විත්තිකරුවන් විදේශවලට පලා ගොස් ඇතැයි කියමින් කළ ඉල්ලීමක් පිළිගනිමින් පංච පද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස විවෘත වරෙන්තු නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙංගප්පූලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.

ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් කුඩු කිලෝ 196ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල දුන් තීන්දුව ඉවත දමා විත්තිකරුවන්ට දිය හැකි උපරිම දඬුවම් නියම කරන්නැයි ඉල්ලා නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කෙරිණී.

තවරාසා සුදාකරන් නමැති විත්තිකරු මැලේසියාවටත්, කන්දයියා චන්ද්‍ර කුමාර් නැමැති විත්තිකරු සිංගප්පූරුවටත් පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි කී සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය විත්තිකරුවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට අදාළ නීතිමය පියවර ආරම්භ කර ඇතැයිද කීවාය.

අධිකරණය මඟහැර විදේශ රටවලට පලා ගොස් ඇති මෙම පුද්ගලයින් යළි මෙරටට ගෙන්වා ගැනීම සඳහා ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම කරමින් ඔවුන්ට එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටි සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනවිය ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු පිටපත් ඉංග්‍රීසි භාෂාවෙන් නිකුත් කරන්නැයිද ඉල්ලා සිටියාය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ විත්තිකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසියට නියම කරමින් විවෘත වරෙන්තු නිකුත් කෙරිණී.

 



අදහස් (5)

ත්‍රිපුද්ගල අධිකරණය මුදාහල සැකකරුවන් පංච පුද්ගල අධිකරණයෙන් කැඳවයි

SL Thursday, 05 September 2024 12:04 AM

කන්ජි පානිට ඇප දුන්නෙත් මෙයාලම ද? සල්ලි නම් අසුචි උනත් කන විනිහොරු මේ රටේ මේ නස්පත්තියට 50% වත් වගකියන්න ඕනේ

:       0       0

Prabha Thursday, 05 September 2024 03:21 AM

දැන් අල්ලයි නැට්ට.

:       0       0

Chandans Thursday, 05 September 2024 05:48 AM

ඔවුන්ව නිදහස් කළේ, බලපෑම් නිසාද, මොකක් ද නීතිය...? නිදහස් කළ අයට මොකද කරන්නේ...?

:       0       0

Perera Thursday, 05 September 2024 10:30 AM

අධිකරණයකින් චෝදනා වලින් නිදොස් කොට නිදහස් කලානම් කොහොමද කියන්නේ අධිකරණය මග ඇරලා විදෙස් රට වලට පලා ගිහින් කියලා

:       0       4

සුධීර Thursday, 05 September 2024 04:30 PM

නිදොස් කර නිදහස් කළා නම් ඒක පළායාමක් නොවේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1033 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1071 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 414 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site