IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


තොරතුරු තාක්ෂණයෙන් 2021 වසරේ ඩොලර් කෝටි 150ක්

(ඩයනා උදයංගනී)

තොරතුරු තාක්ෂණ කර්මාන්තය හරහා පසුගිය 2021 වසරේ දී ඇමරිකානු ඩොලර් කෝටි 150ක විදේශ විනිමය උපයා ගැනීමට හැකි වී ඇතැයි තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා පැවසීය.

ඉදිරියේදී තොරතුරු තාක්ෂණ අංශය, රටට විදේශ විනිමය උපයන ප්‍රධාන කර්මාන්තයක් බවට පත්කිරීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ  රාජ්‍ය හා පෞද්ගලික අංශය තුළ පුරප්පාඩු 20,000 පමණ ඇතැයි කී රාජ්‍ය ඇමතිවරයා එම කර්මාන්තය ට අවශ්‍ය  තරුණ තරුණියන්  පෙළ ගැස්වීම  තම අමාත්‍යාංශයේ  වගකීමක්  බව ද කීය.

සමස්තයක් ලෙස  ඩිජිටල් අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීම ආරම්භ වී ඇති බව කී රාජ්‍ය ඇමතිවරයා පෞද්ගලික වශයෙන් තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ නිරතව සිටින 50,000 ක පමණ පිරිස ද රටට  විදේශ විනිමය උපයා ගැනීමට විශාල වශයෙන් දායක වී සිටින බව පැවසීය.

ලබන වසරේ දී තරුණ තරුණියන් 34,000 ක් මෙම ක්ෂේත්‍රයට යොමු කිරීමට  සැලසුම් කර ඇතැයි ද කනක හේරත් මහතා ප්‍රකාශ කළේය.



අදහස් (2)

තොරතුරු තාක්ෂණයෙන් 2021 වසරේ ඩොලර් කෝටි 150ක්

thushara Monday, 19 December 2022 03:45 PM

ඒ ටිකනම් මොකට කියනවද? දිවා රෑ බලන්නේ නැතුව වැඩකරන එකටත් බද්දක් ගහනවා. කොම්පියුටර් එකක් ගිනි ගණන්. අන්න ඔක්කොම තොරතුරු තාක්ෂණ ඉංජිනේරුවන් රට දාලායනවා..

:       0       12

jaya Monday, 19 December 2022 05:05 PM

බලාගෙන ඉන්නකෝ මහත්තයෝ ලබන අවුරුද්දේ ඕක 50ට බහින එක. පිටරටින් එන මුදල් වලට බදු 30% සමාගමටයි, 36% වැඩ කරන අයටයි ගහපුවාම. ඔය වැඩේට ඕන හොඳ මොලේකුයි, පරිගණකයකුයි විතරයි. රට අදාළ නෑ. ඔය මිනිස්සුන්ට ඕක ඕනෑම රටකට ගිහිල්ලා කරන්න පුළුවන්...

:       0       7

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 102 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 907 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 621 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site