IMG-LOGO

තරුණ ප්‍රජාවගේ විශ්වාසය භංග වෙලා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

පාර්ලිමේන්තුව ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදී ආයතන කෙරෙහි දැන උගත් තරුණ පරම්පරාවේ විශ්වාසය බොහෝ දුරට භංග වී ඇතැයි සමගි ජන බලවේගයේ පත් කළ මන්ත්‍රී ඉමිතියාස් බාකීර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේ දී අද (6)පැවසීය.

මැතිවරණ නාම යෝජනා වලින් 25% ක් තරුණ තරුණියන් වෙනුවෙන් ලබාදීම සඳහා වන සංශෝධිත පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ බාකිර් මාකාර් මහතා අනාගතය පිළිබඳ තීන්දු ගන්නා තැන්වල තරුණයන් ගේ හඬට අවකාශයක් නැත්නම් නැවත වරක් රට භයානක තත්වයකට යා හැකි බව පැවසීය.

පාර්ලිමේන්තුව, පළාත් සභාව සහ පළාත් පාලන ආයතන වලට සාධාරණ තරුණ නියෝජනයක් තිබිය යුතුය යන ඉල්ලීම කරන බවද පාර්ලිමේන්තුවේ ඉන්න හැම දේශපාලන ව්‍යාපාරයකම නායකයින්ගෙනුත් මෙි ඉල්ලීම කරන බවද බාකීර් මාකර් මහතා පැවසීය.

දේශපාලන පක්ෂ ඇතුළෙත් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ ඇති විය යුතු අතර එසේ නොවුනොත් ධනපති සමාගම්වල ප්‍රභූ පවුල්වල ඒකාධිකාරයක් බවට දේශපාලන පක්ෂ පත් වන බවද කීය.

 



අදහස් (6)

තරුණ ප්‍රජාවගේ විශ්වාසය භංග වෙලා

HARAMANIS Wednesday, 06 July 2022 03:25 PM

ඔබ හොඳ දේශපාලකයෙක්.. නමුත් ඉන්න තැන අවුල්.

:       4       34

SaththayaWednesday, 06 July 2022 10:01 PM

හරියට හරි, හිතාගන්නවත් බැහැ... රටට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් අය ඉන්න තැන. අර කාත් එක්කම ලැග්ගාම වෙන දේ ගැන කතාවක් තියෙන්නේ... ඒ වැඩේ තමයි වෙලා තියෙන්නේ...! 

:       0       0

සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 06 July 2022 04:21 PM

මොන පැත්තේ හිටියත් ඉමිතියාස් බාකීර් මාකර් මහතා වැනි විද්වතුන් අගය කළ යුතුයි.

:       17       10

BamunuarachchiThursday, 07 July 2022 06:34 AM

විද්වත්කම කොහෙද තිබෙන්නේ. ඔහෙලාවගේ මිනිස්සු තමයි ශාර්යා නීතිය ඉල්ලපු එකාගේ කතාව අහල නියම කතාව කිව්වේ.

:       0       0

fairoos Wednesday, 06 July 2022 06:30 PM

බයියන්ට මොනව කියලත් වැඩක් නැහැ..රට මෙචර වෙලත් ඝෝට ඔනෙ කියන අය තවත් ඉන්නවනෙ

:       0       0

Bamunuarachchi Wednesday, 06 July 2022 07:15 PM

ඈ හලෝ තරුණ ප්‍රජාවගේ විශ්වාසය දිනා ගන්න ගිහිල්ල නේද 1971-1989 රටට කෙල උනේ. ඔවුන්ගේ විස්වාසය මොකකක්ද? තරුණ කියන වචනය අර්ථ දක්වන්න නිකන් බොරු සම්ප්‍රපලාප කියවන්නේ නැතුව. තරුණයා කියන්නේ අවුරුදු 15-24 අතර කාලය. ඔය කාලේ මොවුන් ජීවත් වෙන්නේ කාගේ වියදමින්ද කොහේ ලැගලාද? ඔය කාලේ ඔවුන්ගේ යැපීම් සපයන්නේ දෙමව්පියෝ ලගින්නේ දෙමව්පියෝ ගාව. මොවුනට රටක ආණ්ඩු වෙනස් කිරීමට තිබෙන දැනුම කොහෙන්ද? එහෙම වෙනස් කරන්න ගිය 65000 හමයි වෙඩි කාල මරුනේ ටයර්සයවල පිච්චිලා මරුනේ? හැබැයි මේ ගොල්ලෝ තර්ස්තවාදී වැඩට හොන්දයි . ඒ නිසානේ ජෙප්පෝ, LTTE එක මෙගොල්ලන්ව ත්‍රස්තවාදී වැඩට බඳවා ගත්තේ. අපිත් ඔය කාලය පහුකලා වයස .22 වෙනකො රජයේ, බැකු ක්ෂේත්‍රයේ, රටේ තිබුන කර්මානත් සහිත බ්‍රිටිෂ්, ඇමරිකන්, ප්‍රංස කොම්පැනිවල වැදගත් රැකියාවල් ලැබුනා. අපිට ඒ අවස්තාව සලසා තිබුනේ රටේ වැඩිහිටියෝ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 383 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 86 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 269 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site