IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තරුණ කටයුතු නි.ඇමැති - කලාකරු හමුවක්

(අංජුල මහික වීරරත්න)

ජාතික තරුණ සේවා සභාවෙන් බිහි වූ ප්‍රවීණ කලාකරුවන් හා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  අතර හමුවක් ජාතික තරුණ සේවා සභාවේ දී අද (15) සිදුවිය. 

අයවැය ප්‍රතිපාදන යටතේ ජාතික තරුණ සේවා සභාව විසින් ඉදිරියේ දී සිදුකිරීමට නියමිත සෞන්දර්‍ය කලා හා සංස්කෘතික ක්ෂේත්‍ර වලට අදාල ව්‍යාපෘති පිළිබඳව තරුණ සේවා සභාවෙන් බිහි වූ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණ කලාකරුවන් දැනුවත් කිරීම සහ ඔවුන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විය. 

යෞවන සම්මාන උළෙල, යොවුන් සිනමා උළෙල හා යොවුන් නාට්‍ය උළෙල පැවැත්වීම සහ මේ වසරේ දී නැවත ආරම්භ කිරීමට නියමිත තරුණ සේවා සභාව මගින් පවත්වන නාට්‍ය පාසල සඳහා මෙහිදී ප්‍රවීණ කලාකරුවන්ගේ අදහස් සහ යෝජනා ලබා ගැනීම මෙහිදී  සිදු කෙරුණි. 

ජාතික තරුණ සේවා සභාවේ ඉදිරි කලා කටයුතු සඳහා ප්‍රවීණ කලාකරුවන්ගේ අත්දැකීම් හා සෘජු දායකත්වය ලබා ගනිමින් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා  මෙහි දී පැවසීය. 



අදහස් (0)

තරුණ කටයුතු නි.ඇමැති - කලාකරු හමුවක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site