
(යොහාන් භාසුර)
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සඳහා ගූගල් මෙහෙයුම් භාවිතා කිරීමට ගූගල් සමාගම සහ ජාතික තරුණ සේවා සභාව අද (25) ගිවිසුමට අස්සන් තැබීය.
ගූගල් ක්ලාස්රූම් සහ ගූගල් වර්ක්ප්ලේස් යෙදවුම් ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යාපන කටයුතු සහ මෙහෙයුම් සඳහා නොමිලේ භාවිතා කිරීමට ජාතික තරුණ සේවා සභාවේ සභාපති සහ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය තිරාන් ද සිල්වා මහතා සහ ගූගල් සමාගම වෙනුවෙන් ගූගල් ප්‍රිමියර් හවුල්කරු ෆයින්ටෙච් උපදේශන සමාගමේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන මෙහෙයුම් අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී සුජාතා නඩේෂන් මහත්මිය ගිවිසුමට අස්සන් තැබූහ.
මෙම අවස්ථාවට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ, රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක සහ එම අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
297
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
198
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
996
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණ අධ්‍යාපනය නඟා සිටුවීමට ‘ගූගල්’ සහය
'ගූගල්' කොටහලු වෙයි..! Tuesday, 25 October 2022 09:58 PM
මොනවද කතා අනේ මගෙ පනේ...! දන්නවද ගූගල් කොටලා කොටලා ඉංග්‍රීසි අකුරු "තුන" නිතරම ඔබලා හොයලා තියන ලෝකයේ වැඩිපුරම රට සිරි ලංකාව කියලා..!
බද්රානි Wednesday, 26 October 2022 02:22 PM
පහුගිය කාලේ ඇමරිකන් විරෝධයෙන් මොලේ ඔද්දල් උන අම්බරුවෙක් ගූගල් සමාගමත් වර්ජනය කල යුතුයි කියල දෙඩෙව්වා මතකයි. ඒ හාදයාගෙනුත් කිසියම් උපදෙසක් ගත්තා නම් හොඳයි නේද?