IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


තාරුණ්‍ය දේශපාලන අතකොළු කළ යුගය ඉවරයි

(අංජුල මහික වීරරත්න)

දිගු කාලයක් තිස්සේ පවුල් බලය මෙන්ම ඥාති පරපුරේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මෙවලමක් ලෙස ගොඩනැගී තිබූ තරුණ ව්‍යාපාර රටේ අනාගත නියමුවන් බිහි කරන තැන බවට පත් පත් වී ඇතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතික තරුණ සමුළුව අමතමින් අද පැවසීය.

'ඉතින් ඔවුන් කලබල වීම පුදුමයක් නොවේ" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී තරුණ තරුණියන් විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම සමුළුව පැවැත්විණි.

"අද පවත්වන්නේ වැඩියෙන්ම ආන්දෝලනයට ලක් වූ තරුණ සමුළුව ලෙස හැඳින්විය හැකියි.බොහෝ විට අප රටේ බොහෝ ක්ෂේත්‍ර යම් දේශපාලන අධිකාරියක බල උවමනාවන් වෙනුවෙන් පෙළගස්වා තිබෙනවා.කිසිසේත් දක්ෂතා හැකියා සහ අපේක්ෂා කේන්ද්‍රගත කර ඉදිරියට පැමිණීම සඳහා අවස්ථාවක් එම තරුණ ව්‍යාපාර වල තිබුණේ නැහැ.පැරණි දේශපාලන නායකයන්ගේ දූවරුන්ට පුතුන්ට ඥාතීන්ට ඒ තරුණ ව්‍යාපාර වල ප්‍රමුඛත්වය ලැබුණා.ඒ නිසා තරුණ ව්‍යාපාර සැලකිය යුතු අන්දමින් ඒ බලාධිකාරීන්ගේ උවමනා සමග පෙළ ගස්වා තිබුණා. දිගු කාලයක් තිස්සේ පවුල් බලය මෙන්ම ඥාති පරපුරේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මෙවලමක් ලෙස තරුණ ව්‍යාපාර ගොඩනැගී තිබුණා.

රටේ ඇති වූ නව දේශපාලන පරිවර්තනය සමඟ තරුණ ව්‍යාපාර දේශපාලන අත කොළුවක් නොවී තරුණයන් රටේ අනාගතයේ බාර ගන්නා නියමුවන් බවට පත් කරන ව්‍යාපාරයක් බවට පත් කිරීම මේ තරුණ සමුළුවෙන් සහ මේ දක්වා පැමිණි ගමන් මාර්ගයෙන් සනිටුහන් වෙනවා. ඉතින් ඔවුන් කලබල වීම පුදුමයක් නොවේ.අපගේ අරමුණ තරුණ තරුණියන්ට ඔවුන්ට හිමි තැන සහ ඔවුන්ගේ අනාගතය කවරාකාරයෙන් නිර්මාණය විය යුතු ද යන වගකීම් සහගත තරුණ නායකත්වයන් බිහිකිරීමයි.කිසිසේත්ම පවුල් පරම්පරා ඥාතීන්ගේ බලය ආරක්ෂා කර ගැනීමේ කොටස්කරුවන් ලෙස තරුණයන් පාවිච්චි කිරීම අප අරමුණ නොවේ" යනුවෙන්ද ජනාධිපතිවරයා එහිදී කීය.

 



අදහස් (8)

තාරුණ්‍ය දේශපාලන අතකොළු කළ යුගය ඉවරයි

Sudda Tuesday, 12 August 2025 02:55 PM

අපේ ජනාධිපතිතුමා මේවා කියනකොට අපිට මතක් වෙන්නේ අපේ පාසල් සමය​. ලොකු කට්ටිය අපි වගේ පොඩි එවුන්ට ජේවීපී එකේ අගය කියලා දීලා අපි ලව්වා පෝස්ටර් ලියන සහ අලවන වැඩ ගත්තු හැටි. අපි විශ්ව විද්‍යාලයට ගියාම කැට දීලා බස්වල කෝච්චිවල මහ මග විප්ලවයට සල්ලි එකතු කරන්න ඇරපු හැටි. අනේ ඒවා ලොකු දේවල් නෙවෙයිනේ. අපිව අතකොලු හැටියට නෙවෙයි වෙන්න ඇති ගන්න ඇත්තේ අපේ ගෙවලවල මහ අය ඒ කාලේ එහෙම කිව්වට​.

:       9       29

අරවින්ද මොණරවිල Tuesday, 12 August 2025 04:35 PM

ඇයි ඔයාට මතක් වෙන්නේ නැද්ද මහපාරේ තරුණයෝ ටයර් සෑ වල දැවුණු කාලය, සුදු වෑන් වලින් පැහැරගෙන ගිහින් ඝාතනය කෙරුව කාලය, ඒවත් මතක්කර ගන්න...

:       3       1

Nelu Tuesday, 12 August 2025 04:59 PM

එතකොට අර ජේවීපී එකෙන් විශ්ව විද්‍යාල ඇතුලේ කොල්ලො කෙල්ලන්ව මෙහෙයවලා වර්ජන කරවන්නේ ජොලියට වෙන්න ඇති. තරුණයින්ව දේශපාලන අතකොලු කරන්න ලොකුවටම පටන් ගත්තේ 1960 ගණන්වල අගදී ජේවීපී එක. 71 සහ 87-89 කාලේ තොග වශයෙන් මැරුම් කෑවේ එහෙම මොල හෝදලා ගත්තු දරුවෝ. දැන් උපාසක කතා කියන්නේ කාටද මේ..? 2000න් පස්සේ ඉපදුණු අලුත් පරපුරට නේද?

:       0       3

මලින් Tuesday, 12 August 2025 05:16 PM

අපි දන්නවා විශ්ව විද්‍යාලවල අන්තරේට මුවාවෙලා කරපු වැඩ.

:       0       1

ප්‍රියන්ත Tuesday, 12 August 2025 05:26 PM

අනේ මෝඩ සුද්දෝ, දැං වත් තේරෙනවද, රට බංකොලොත් කරපු පට්ට හොරැන්ට නොදී ඒකාලෙ ජේ වී පී එකට දුන්නනම් දැං අපේ රට සුරපුරයක් කියලා.

:       2       1

ගුණරත්න Tuesday, 12 August 2025 05:54 PM

බුහ හා, අපි පොඩි කාලේ ඉස්කෝලේ ළමයි පාරේ පෙළපාලි ගියා ජේ ආර් මරමු කියල. එහෙම කලේ දේශපාලන අතකොලු නෙවෙයි තූති බබ්බු. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවාම පාසල් සිසුන්ගේ ඉඳල සමස්ථ ශිෂ්‍ය ප්‍රජාවම පාරට බස්සල ඒ ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ විනාශ කරලා රට අවුල් කලේ කවුද? උත්ප්‍රාසජනක දේ තමයි අවුරුදු 30කට පස්සේ ඒ ප්‍රතිසංස්කරණ වෙනුවෙන්ම පෙනී හිටින්නෙත්, ඒවා ගෙනෙන්න හදන්නෙත් ජවිපෙයම නොවේද? දැන තරුණයන් අතකොලු කරගෙන හිටියේ කවුද කියල කාටත් පැහැදිලි වෙයි.

:       0       3

88/89 kolla Tuesday, 12 August 2025 09:01 PM

අනේ පුදුම අනුකම්පාවක්. NPP එකට තියෙන්නේ තරුණ පරපුර වෙනුවෙන්. 87/88/89 කාලයේ පාසල් වලට ඇවිත් දරුවන් උසි ගන්නලා ජීවිත නැති කලේ කොහොමද කියලා දන්නේ නැහැ නේද ?

:       0       2

Shelton Wednesday, 13 August 2025 05:49 AM

තාරුණ්‍ය දේශපාලදේශපාලකයන්ගේ අතකොලු කිරීම රටට හදුන්වා දුන්නේ වාමාංශිකයෝ.ඊට පසු රදළයෝ,ඒ රදළයින්ගේ හැලි වලං හෝදපු එවුන්ගේ ජේවීපී කාරයෝ තමයි වඩාත්ම නින්දිත ලෙස තරුණයන් පමණක් නොව කුඩා පාසැල් දරුවන් පවා දේශපාලන අතකොළු කරගත්තේ ඉතිහාසය පුරාවටම.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 216 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2081 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1592 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site