
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර,රඹැව මාර්ගයේදි තරැණයන් තිදෙනෙකු මරණයට පත්කර පලාගිය කැබ් රථයේ රියදුරා ඇතුළු තිදෙනෙකු කැබ් රථයද සමග යාපනය හන්දිය ගරාජයකදි අද(09)දින අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නුවර හා අනුරාධපුරයේ පදිංචි වයස අවුරැදු 18ත්19ත් අතර වියේ පසුවන තරැණයන් තිදෙනෙකි. වාහනය පැදවු 18 හැවිරිදි තරුණයාට රියදුරු බලපත්‍රයක් නොමැති බවද පොලිසිය පැවසිය.
මෙම අනතුර අනුරාධපුර,රඹෑව මාර්ගයේ 113 හා 114 කිලෝ මිටරය ආසන්නයේදි අද(09)දින අළුයම දෙකට පමණ සිදුව තිබුණි.
රඹෑව මහජන ක්‍රීඩාංගණයේ පැවති සංගීත සංදර්ශණයක් නරබා සිය නිවෙස් වලට යමින් සිටි තරුණ තරුණියන් පිරිසක් කැබ්රථයක ගැටිමෙන් තරුණයන් තිදෙනෙකු මිය ගොස් තරුණියන් දෙදෙනෙකු තුවාල ලබා තිබුණි.
අනතුරට සම්බන්ධ මෙම කැබ් රථය එම ස්ථානයේ නොනවත්වා අනුරාධපුර,යාපනය හන්දිය ප්‍රදේශයේ තිබියදි පොලිසිය විසින් රියදුරා සහ එහි ගමන්ගත් අනෙක් තරුණයන් දෙදෙනාද අත්අඩංගුව ගෙන තිබේ.
මෙම තරුණයන් තිදෙනාද රඹෑව නගරයේ පැවති එම සංගීත සංදර්ශණය නරබා ආපසු අනුරාධපුරය දෙසට එමින් සිටියදි මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පැවසිය.
අත්අඩංගුවට ගනු ලැබු තරුණයන් තිදෙනා හා කැබ්රථය මේ පිළිබදව පරික්ෂණ පවත්වන මිහින්තලය මිහින්තලය පොලිසියට බාරදි ඇති අතර ඔවුන් අද(09)අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
301
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
997
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයන් 3ක් යටකර පලාගිය කැබ්රථය - රියදුරා අත්අඩංගුවට