IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තරුණියන්ට හිරිහැර කළැයි මැතිසබේ සහකාර ගෘහ පාලකගේ වැඩ තහනම්

(සුජිත් හේවාජුලිගේ )

පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ  රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදුකරන  ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්  මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් එහි  සහකාර ගෘහ පාලකවරයාගේ වැඩ අද (11) තහනම් කරනු ලැබීය.

එම සිද්ධිය සම්බන්ධයෙන් සේවිකාවන් මෙතෙක් ඉදිරිපත් කර ඇති තොරතුරු සැලකිල්ලට ගෙන  ඔහු මෙසේ වැඩ තහනමට ලක් කළ බව පාර්ලිමේන්තුවේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් තරුණ රූමත් සේවිකාවන්ට ලිංගික හිංසන සහ අඩන්තේට්ටම් සිදු කරන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වීමෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරිය  විසින් මේ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට ත්‍රිපුද්ගල කමිටුවක් පසුගියදා  පත්කරනු ලැබීය.

මෙම කමිටුව පත් කිරීමෙන් පසු සේවිකාවෝ පිරිසක් එම කමිටුව හමුවේ ස්වේච්ඡාවෙන් පෙනී සිට  තමන්ට සිදුවී ඇති හිංසන සම්බන්ධයෙන්  තොරතුරු රැසක්  අනාවරණය කළහ. සහකාර ගෘහ පාලක වරයාගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ එම සේවිකාවන් ලබාදී  ඇති තොරතුරු  සැලකිල්ලට ගෙනය.

සේවිකාවන් එම හිංසන  සිද්ධීන්  සම්බන්ධයෙන්  තවත් නිලධාරීන් කිහිප දෙනකු ගැනද  තොරතුරු අනාවරණය කර ඇති අතර ඔවුන් සම්බන්ධයෙන්ද  ඉදිරියේදී  ක්‍රියාමාර්ග  ගැනෙනු ඇතැයි වාර්තාවේ.

මේ අතර  මෙම සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දීම වැළැක්වීමට නිලධාරීන් සහ සේවකයන් පිරිසක් එම සේවිකාවන්ට විවිධාකාරයෙන් තර්ජන එල්ල කිරීමේ සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන්ද පාලිමේන්තු  ප්‍රධානීන්ට තොරතුරු අනාවරණයවී ඇත. ඒ සම්බන්ධයෙන්ද කරුණු සොයා බලමින් සිටින බව පාර්ලිමේන්තු ප්‍රධානීහු  පැවසූහ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයද වෙනම විමර්ශනයක් පවත්වයි. එම සංසදයේ සාමාජිකා මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය සේවිකාවන්  කිහිපදෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ ලබාගෙන ඇත.



අදහස් (4)

තරුණියන්ට හිරිහැර කළැයි මැතිසබේ සහකාර ගෘහ පාලකගේ වැඩ තහනම්

විපරමා Saturday, 12 August 2023 01:25 AM

පාර්ලිමේන්තුවේත් ඉන්නවා කෙල්ලෝ දැක්කාම ඇවිස්සෙන අය...

:       0       0

chandima Saturday, 12 August 2023 02:27 AM

ඉස්සර එකකාලෙක ඕවාට මන්ත්‍රී ගොල්ලෝ අහුවෙන කාලයකුත් තිබුණා. ඒ කාලයේ තරුණපහේ අලුත් මන්ත්‍රීවරු පත්වෙලා ඇවිත් නවතින්නේ ශ්‍රාවස්ථියේ... දැන් ඉන්නේ දිගටම අත් උස්සන්න කැමැති පප්පලානේ... ඒගොල්ලන්ට හැරමිටිය ඇරෙන්න වෙන මුකුත්ම අහුවෙන්නේ නැහැ.

:       0       0

බී අමරසිංහ Saturday, 12 August 2023 05:58 AM

මන්ත්‍රීලා කොහොමද දන්නේ නෑ. ඒ ගොල්ලෝ නම් බෝ පැලනේ...

:       0       0

Nimal Saturday, 12 August 2023 07:16 AM

මේ අයගේ නම් ගම් හෙළි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 404 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 233 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1022 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site