(අංජුල මහික වීරරත්න)
මෙරට තරුණ තරුණියන්ට දේශපාලන සාක්ෂරතාවය ලබාදීම වෙනුවෙන් "දේශපාලන ඇකඩමියක්" ස්ථාපිත කිරීමට යෝජනා කර ඇති බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පැවසීය.
තීන්දු තීරණ ගන්නා ස්ථාන වල තරුණ නියෝජනය ඉහළ දැමීම වෙනුවෙන් තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය ලෙස ඉදිරියේ දී මැදිහත් වී කටයුතු කරන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
දිවයින පුරා ගොඩනගන ලද යූත් ක්ලබ් වල වගකීම් දරන තරුණ තරුණියන්ට පළාත් පාලන ආයතන සමඟ සම්බන්ධතාවය ඇති කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව සාකච්ඡා කරමින් පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම ප්‍රාදේශීය සම්මේලන හා දිස්ත්‍රික් සම්මේලනවල වගකීම් දරන තරුණ තරුණියන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවට ප්‍රවේශය ලබාදෙන බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා කීය.
"YoLoGo (Youth in Local Governance) - තරුණ පළාත් පාලනය" යන ව්‍යාපෘතියේ බස්නාහිර පළාතේ මුලපිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කීය.
බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී මෙය පැවැත්විණි. කැනඩා රජය විසින් අරමුදල් සපයන ලද මෙම ව්‍යාපෘතිය, බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන 49 හි තරුණ උපදේශක සභා (YAC) පිහිටුවීම අරමුණු කරගනිමින් පැවැත්වේ.
මෙම අවස්ථාවට කැනඩා මහ කොමසාරිස් Eric Walsh ,රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් , බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීස් යූසුෆ්, බස්නාහිර පළාත් කොමසාරිස් සාගරිකා ජයසුන්දර මහත්ම මහත්මීහුද සහභාගී වූහ.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
තරුණයන්ට දේශපාලනය උගන්වන්න ’’ඇකඩමියක්’’ හදන්න යයි
Gamini Wednesday, 06 August 2025 09:37 AM
පංති පහ කරන්නම් ඉවරයිනේ
vis8 Saturday, 09 August 2025 06:16 AM
පින්තූරේ නම් හැමෝම සේල් එකේ... මුන්ද දේශපාලනය කියලා දෙන්න හදන්නේ.. :)
lankaputha Wednesday, 13 August 2025 06:35 AM
මේස කිහිපයක් ද ගෙන ඒමට අවශ්‍ය විය හැකිය..