(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කුරුඳුවත්ත තුරග තරග පිටිය අසල දී තරුණයකු පැහැරගෙන මෝටර් රථයකින් රැගෙන ගොස් පහර දී රන් මාලයක් ද කොල්ල කා කොල්ලුපිටිය ලිබර්ටි වටරවුම අසල දමා ගිය රාජගිරිය පෞද්ගලික විශ්ව විද්‍යාලයක සිසුන් සිවු දෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි
පැහැර ගැනීමට යොදාගත් මෝටර් රථය ද පොලිස් බාරයට ගෙන ඇත
පහර කෑ තරුණයා රෝහල් ගතව ඇත
පහර කෑ තරුණයා නුගේගොඩ ප්‍රදේශයේ උත්සව ශාලාවක පැවති උපන්දින සාදයකට සහභාගි වී මිතුරන් පිරිසක් සමඟ කුරුඳුවත්ත තුරඟ තරඟ පිටිය අසලට පැමිණ සිටියදී මෝටර් රථයකින් පැමිණි තිබු සැකකරුවන් තරුණයා පැහැරගෙන ගොස් තිබූ බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි
පහර දුන් පිරිස අතර සිටින තරුණයෙකුගේ පෙම්වතියගේ ඡායාරූප අන්තර්ජාලය ඔස්සේ ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් උරණ වී පහර කෑ තරුණයා ට දුරකථන ඇමතුමක් දී හමුවීමට අවශ්‍ය බව දන්වා පැමිණ මෙම පැහැර ගැනීම සිදුකර තිබූ බව පොලීසිය සඳහන් කරයි
සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය
කුරුඳුවත්ත පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තරුණයෙකු පැහැරගෙන පහරදී මග දමාගිය සරසවි සිසුහු 4 ක් දැලේ