IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


තර්ජනය කර ලක්ෂ 10 ක කප්පම් ඉල්ලු කාන්තාවට වැඩ වරදී

 (කේ. බුද්ධික කුමාරසිරි)


තමන් සමග තිබෙන අනියම් සම්බන්ධතාවය ගුරැවරියක වූ බිරිදට පවසන බවට තර්ජනය කර රැපියල් ලක්ෂ දහයක කප්පම් මුදලක් ඉල්ලා එහි අවසන් මුදල් කොටස ලබා ගැනීමට ගිය කාන්තාවක සහ ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයකු අද (04) දින ගොඩගම ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි

පාදුක්ක වටරැක සෝමරත්න මාවත ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව ඇයගේ දරැවෙකු අමතර පංතියක් සදහා හෝමාගම ගොඩගමවත්ත ප්‍රදේශයේ විශ්‍රාමික ගුරැවරියකගේ නිවසකට යැවීමට කටයුතු කර ඇති බවත්  ඒ අතරතුර එම ගුරැවරියරිගේ විශ්‍රාමික ගුරැවරයෙකු වන සැමියා සමග කතා බහ කර ඔහුගේ දුරකතන අංකය සැකකාර කාන්තාව විසින් ලබා ගෙන ඇති බවත් පොලිසිය පවසයි.

පසුව ගුරැවරියට හොර රහසේ සැකකාර කාන්තාව විසින් එම ගුරැවරියගේ සැමියා සමග කතා බහ කර දෙදෙනා අතර අනියම් සම්බන්ධයක් ගොඩනගා ගෙන ඇති බවත් පසුව ඇයගේ අනියම් සැමියාගේ උපදෙස් මත එම දුරකතන සංවාද තුලදී කතා බහ කරන සියලු දේ සැකකාර කාන්තාව විසින් පට්ගත කර තබාගෙන තිබූ බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.

පසුව සැකකාර කාන්තාව විසින් විශ්‍රාමික ගුරැවරයාගෙන් මුදල් ලබාගෙන ඇති බවත් මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කල අවස්ථාවේදී තමන්ට මුදල් ලබා නොදුනහොත් තමා සමග කතාබහ කල සියලු හඩපට ගුරැවරයාගේ බිරිදට ලබා දෙන පවසා ලක්ෂ දහයක මුදලක් ලබා දෙන ලෙස තර්ජනය කර ඇති බවද පොලිසිය පවසයි.

මේ හේතුවෙන් බියට පත් ගුරැවරයා කප්පම් මුදල ලෙස ඉල්ලූ ලක්ෂ දහයක මුදලින් කොටසක් ලබා දී තිබූ බවත් පසුව මෙම තර්ජන වලින් ගැලවීමක් නොවන තැන මීගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබූ බවත් ඒ අනුව සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට විශේෂ සැළසුමක් සකස් කල බවත් මීගොඩ පොලිසියේ උසස් නිළධාරියෙකු පැවසීය.

ඒ අනුව අදාල කප්පම් මුදලෙහි තවත් කොටසක් ලබා ගැනීම දීම සදහා පැමිණෙන ලෙස සැකකාර කාන්තාවට දැනුම් දී ඇත.

ඒ අනුව සැකකාර කාන්තාව සහ ඇයගේ අනියම් පුරැෂයා බව කියන පුද්ගලයා ගොඩගම ප්‍රදේශයට පැමිණ අදාල ඉතිරි මුදල ලබා ගැනීමට කටයුතු කල අවස්ථාවේදී දෙනොවම අත් අඩංගුවට ගෙන ඇත.

 

 



අදහස් (1)

තර්ජනය කර ලක්ෂ 10 ක කප්පම් ඉල්ලු කාන්තාවට වැඩ වරදී

ravin Friday, 04 August 2023 03:03 PM

නාකිවිසේ ගෙටත් උසේ... මනමාලකම් පෙන්නන්න ගිහිල්ලා වැඩේ කොට උඩට ගියා එහෙනම්...

:       7       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site