IMG-LOGO

2025 අගෝස්තු මස 07 වන බ්‍රහස්පතින්දා


තෝරාගත් ගමනාන්තයන් සඳහා විදෙස් තැපැල් සේවාව යළිත්

(විනීතා එම් ගමගේ)

විදෙස් තැපැල් සේවාව තෝරාගත් ගමනාන්තයන් කිහිපයක් සඳහා  පමණක් අද (15)  සිට යළි ආරම්භ කළ බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පැවැසීය.

ඒ අනුව හොංකොං, චීනය,  ඕස්ටෙ‍්‍රලියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංප්පූරුව, කටාර් ජර්මනිය සහ ඉන්දියාව සඳහා විදෙස් තැපැල් සේවාව ක‍්‍රියාත්මක වන බව ද ආරියරත්න මහතා කීය.

එකී ගමනාන්තයන්ට ගුවන් මගින් හා මුහුදු මගින් තැපැල් භාණ්ඩ හා ලිපි ගෙන යාම ආරම්භ වූ අතර ඉදිරියේ දී ක‍්‍රමානුකූලව අනෙක් රටවල් සඳහා ද ලිපි හා තැපැල් භාණ්ඩ ගෙනයාම ආරම්භ කරන බව ද තැපැල්පතිවරයා කියා සිටියේය.

කොවිඩ් - 19 වසංගතයේ පැතිරයාමත් සමඟ ගුවන් ගමන් නතර වීම නිසා නතර කර දමනු ලැබූ විදෙස් තැපැල් සේවාව මෙසේ අද සිට ආරම්භ කර තිබේ.

 

 

 



අදහස් (2)

තෝරාගත් ගමනාන්තයන් සඳහා විදෙස් තැපැල් සේවාව යළිත්

Rohana Friday, 15 May 2020 12:52 PM

සියලුම ලිපි පාර්සල් විෂබීජ හරනය නොකලොත් නැවතත් කොරෝනා පැතිරෙන්න පුලුවන්....

:       2       1

de silva Friday, 15 May 2020 02:02 PM

ලිපි විෂබීජ හරණය කරන්න අවශ්‍ය නැහැ... උෂ්ණාධික පරිසරයක් ඇති ලංකාවේ කොරෝනා ඔය කියනතරම් භයානක නැහැ , සීග්‍රයෙන් පැතිරෙන්නේත් නැහැ , නේවි එකේ සොල්දාදුවන්ට ඕක බෝ වුනේ ඔවුන් 30-40 එකම බැරක්කයේ වාසය කරන නිසාත් තට්ටු ඇදන් වල නිදා ගන්න නිසාත්ය... නේවි සොල්දාදුවන්ට ඕක හැදුනේ නැති නම් ලංකාවේ කොරෝනා රෝගියෝ සියල්ල මෙලහකට සුවවෙලා ගෙදර ගිහින්ය.. සවි ශක්තිය ඇති නිරෝගී මනුෂ්‍යයෝ ඕක හදුනා කියල මැරෙන්නේ නැත. හොඳම උදාහරණය අපේ නේවි සොල්දාදුවෝ කව්රුවත් මරුනේ නැත . ලංකාවේ කොරෝන රෝගීන් 524 සුව වෙලා ගෙදර ගිහින් මැරිලා තිබෙන්නේ 9 පමණි, ඔච්චරම බයනම් ලියුමක් ලැබුන ගමන් ඒක ආරක්ෂා ඇති තැනක තබල වහාම ගිහින් අත සෝදා ගෙන එන්න... දවසකට පස්සේ ඇරලා බලන්න .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 214 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 457 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site