(අංජුල මහික වීරරත්න)
ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි 61ක් ඉදි කිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම ව්‍යාපාරික මාදිලි යටතේ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ත්‍රිකුණාමලයේ චීන වරායේ ඉහළ ටැංකි අංගනයේ ඉන්ධන ගබඩා ටැංකි අනූනමයකින් සමන්වින අතර 2022/1/3 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණය කළ පරිදි ඉන් ටැංකි 61ක් ත්‍රිකුණාමල ඛනිජ තෙල් පර්යන්ත පුද්ගලික සමාගමකට වසර පනහක කාලයකට බදු දීම පිණිස අනුමැතිය ලබා දී ඇත.
එම තෙල් ටැංකි 61 සංවර්ධනය කිරීම සඳහා සක්‍යතා අධ්‍යයනයක් කිරීම ඇතුළුව මූලික පියවර මේ වන විට ආරම්භ කර තිබෙන බව රජය පවසයි.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඉදිකිරීම, ක්‍රියාත්මක කිරීම හා පැවරීම යන ව්‍යාපාර මාදිලි අනුගමනය කිරීමට යෝජනා කර තිබේ.
ඒ අනුව පළමු අදියර යටතේ සිදුකිරීමට යෝජිත සංවර්ධන සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සුදුසු ආයෝජකයකු තෝරා ගැනීම පිණිස අදාල ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය කිරීම සඳහා විදුලි බල හා බලශක්තිය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
29
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිකුණාමලය තෙල් ටැංකි 61ක් ගැන කැබිනට් තීරණයක්
MMSB Tuesday, 02 January 2024 01:23 PM
ඔය සමාගමේ විස්තර නෑනේ.
චන්දනTuesday, 02 January 2024 03:04 PM
අමුතුවෙන් කියන්න දෙයක් නැහැ...ඉන්දියාවට...
Shashika519Tuesday, 02 January 2024 07:15 PM
ඕනි විස්තර සහ ලොල්ලොන්ගෙ එකවුන්ට් නම්බර් අදානිට දීලා තියෙන්නෙ