(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පොලොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව පිහිටි සූරියවැව රක්ෂිතය කිසිවකු හෝ විනාශ කරන්නේ නම් ඔවුනට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
එසේම එවැනි දෙයක් සිදුවන්නේ නම් එම විනාශය නතර කිරීමට වහාම පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.
අමරවීර මහතා මෙසේ පැවසුවේ පොළොන්නරුව දිස්ත්‍රික් මන්ත්‍රී ජගත් සමරවික්‍රම මහතා මේ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු කළ අවස්ථාවේදීය.
සමරවික්‍රම මහතා:
පොළොන්නරුව වැලිකන්ද ත්‍රිකෝණමඩු රක්ෂිතයට මායිම්ව පිහිටි සූරියවැව රක්ෂිතය සංවිධානාත්මක පිරිසක් විසින් ඩෝසර් යොදා විනාශ කරනු ලබමින් සිටින බවට අද ලංකාදීප පුවත්පතේ ප්‍රවෘත්තියක් පළවී තිබෙනවා. මනම්පිටියේ නිමල් ජයරත්න මාධ්‍යවේදියා තමයි මේ තොරතුරැ ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ ගැන සොයා බලන්න කියලා මම ඉල්ලා සිටිනවා.
කෘෂිකර්ම සහ වනජීවි අමාත්‍ය මහින්ද අමරවීර මහතා:
එතුමා කළ ඉල්ලීම ගැන අවධානය යොමු කරනවා. කිසිසේත්ම ඒ කැලෑව එළි කිරීමට ඉඩ දෙන්නේ නැහැ. එහෙම සිද්ධියක් වෙලා තියෙනවා නම් ඒක වහාම නතර කරන්න කටයුතු කරනවා. ඊට සම්බන්ධ අයට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නවා. ක්‍රමානුකූලව වගා කිරීමේ වැඩ පිළිවෙලකට මිසක් පරිසරය විනාශ කරන්න ඉඩ දෙන්නේ නැහැ.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමාර්ග
jayasiri Tuesday, 22 November 2022 03:54 PM
අනේ .... ඇමතිතුමා ටික්කක් විතර ලිහිල් කරන්න. මීට කලින් දැඩි දඩුවම් දීපු අය තා බන්දනාගාරවල..........
RMZTuesday, 22 November 2022 04:26 PM
අනේ එපා....හොස්පිටල් ඇඳන් ගොඩක් පිරිල, දුප්පත් මිනිසුන්ට හොස්පිටල් වල ඉඩ නැහැ. දැඩි දඩුවම් දීපු අය ගෙන් පිරිල අප්පාාාාාාාා.......
sharm warn Tuesday, 22 November 2022 03:57 PM
දැඩි ක්‍රියා මාර්ග කියන්නෙ මොනවද? ගොන් කතා කියන්න නම් දනන්ව.. අහරෙ කැලේ වනසල ඉවරයි. . මෙයා මෙතන බයිලා ගහනව.. මෙ මිනිහට එ අපරධ වලට වන්දි ගෙවන්නම වෙනව..