IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තායිලන්ත යානයත් පැය 10ක් ප්‍රමාදයි

(ටී.කේ.ජී.කපිල)

තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත් වීමට නියමිතව තිබූ තිබූ ශ්‍රී ලන්කන් ගුවන් යානය පැය 10කට අධික කාලයක් ප්‍රමාද වීමකට ලක් වී තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 402 දරන ගුවන් යානය අද දින අලුයම 01.10 ට තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබුණි .

එහෙත් මෙම ගුවන් යානය පැය 10 යි විනාඩි 27 ක ප්‍රමාද වීමකින් අද දහවල් 11.37 ට කටුනායක ගුවන් තොටුපොළෙන් තායිලන්තයේ බැංකොක් නුවර බලා පිටත්ව ගොස් තිබේ .

එසේම තායිලන්තයේ බැංකොක් නුවර සිට අද  උදෑසන 10.40 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානය පැමිණෙන නිශ්චිත වේලාවක් නොමැතිව ප්‍රමාද වී තිබේ .

එයට හේතු වී ඇත්තේ මෙසේ කටුනායක ගුවන් තොටුපොළෙන් ප්‍රමාද වී පිටත්ව ගිය ගුවන් යානය තායිලන්තයට ගොස් යළි ආපසු පැමිණිය යුතු නිසාය .

 



අදහස් (5)

තායිලන්ත යානයත් පැය 10ක් ප්‍රමාදයි

කිරිපුතා Wednesday, 04 October 2023 03:03 PM

ලංකාව දැන් රජයක් කියලා එකක් නැද්ද? හැම ආයතනයක් ම තමන්ට ඕනෑ විදිහට වැඩ මග හරින්නේ. මේ සේරම රටේ ආර්ථිකයට බලපාන දේවල්...!

:       0       22

suminda Wednesday, 04 October 2023 03:08 PM

මේවා තමයි නියම නාටක. රටම පාච්චල් කරන්නේ නැතිව ඕක විකුණලා දැම්මා නම් හොඳයි...!

:       2       23

විපරමා pictish9 Wednesday, 04 October 2023 04:32 PM

වැඩි කාලයක් යන්න ඉස්සර විකුණලා දාන්න වෙයි වගේ? මෙම ගුවන් සේවය බන්කොළොත් වෙනතැනට වැඩ සිද්ද කෙරුවේත් දූෂිත, බලලෝභී දේශපාලුවෝ...?

:       0       11

Chuta Wednesday, 04 October 2023 05:05 PM

අනේ අපේ ගුවන් සේවයත් එහෙනම්, දුම්රිය දෙපාර්තමේන්තුවේ තත්ත්වයටම පත්වුණා..

:       0       7

Chuta Wednesday, 04 October 2023 05:08 PM

අනේ අපේ ගුවන් සේවයත් එහෙනම්, දුම්රිය දෙපාර්තමේන්තුවේ තත්ත්වයටම පත්වුණා.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 244 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 177 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 984 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site