IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


තායිලන්ත අගමැති දිතටම ධුරයේ

තායිලන්ත අගමැති ප්‍රයුත් චාන් ඕ චා හට සිය අග්‍රාමාත්‍ය ධුරයේ දිගටම රැඳී සිටිය හැකි බව තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අද (30) නඩු තීන්දුව ප්‍රකාශය පත් කරමින් නියම කළේය.

අගමැතිවරයාගේ ධුර කාලය සම්බන්ධයෙන් විපක්ෂය ගොනුකළ පෙත්සමක් විභාගයට ගනිමින්  තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය අගමැති ප්‍රයුත් චාන් ඕ චා ගේ ධුරය පසු ගිය අගෝස්තු මස 24 වැනිදා අත්හිටුවුවේය.

තායිලන්ත ව්‍යවස්ථාවට අනුව අග්‍රාමාත්‍ය වරයාගේ ධුර කාලය වසර 8 කි.අගමැති ප්‍රයුත් චාන් ඕ චා හමුදාපති ලෙසත් සිවිල් වැසියෙකු ලෙසත් අගමැති ධුරයේ කටයුතු කළ බැවින් ඉකුත් අගෝස්තු මස 24 වැනිදා ධුර කාලය සම්පූර්ණ වන බව පවසමින් විපක්ෂය පෙත්සම ගොනු කළේය.

තායිලන්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය තීන්දුව ප්‍රකාශ කරමින් අගමැති ප්‍රයුත් තම වසර 8 ක ධුර කාලය සම්පුර්ණ කර නොමැති බව තීරණය කළේය.අගමැති ප්‍රයුත්ගේ ධුර කාලය නව ව්‍යවස්ථාවත් සමඟ 2017 වසරේ සිට ආරම්භ වන බව විනාඩි 25 ක දීර්ඝ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පවසා ඇත.

(රොයිටර්)



අදහස් (0)

තායිලන්ත අගමැති දිතටම ධුරයේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 475 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2224 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1670 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site