
(අංජුල මහික වීරරත්න)
අලුත්ගම කන්දේ විහාරය බාරයේ සිටි තායිලන්තයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණ මුතුරාජා හස්තියා දෙහිවල සත්වෝද්‍යානය මගින් රැක බලාගැනීමට අවශ්‍ය පියවර ගන්නැයි කෘෂිකර්ම වන ජීවී හා වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී අමාත්‍යාංශ ලේකම්වරියට උපදෙස් දුන්නේය.
මුතුරාජා හස්තියා හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට තායිලන්තයෙන් ලබා දුන් පරිත්‍යාගයක් වන අතර එම හස්තියා පසුව අලුත්ගම කන්දේ විහාරස්ථානය වෙත බාර කෙරිණි.
නමුත් එම හස්තියා බාරව කටයුතු කළ ඇත්ගොව්වාගේ අමනෝඥ හැසිරීම නිසා හස්තියා දැඩි හිරිහැරවලට මුහුණ දුන් බව අනාවරණය වීමෙන් පසු මෙරට තායිලන්ත තානාපතිවරයා මුතුරාජා හස්තියා කන්දේ විහාරස්ථානයෙන් රැගෙන විත් දෙහිවල සත්වෝද්‍යානය බාරයට පත් කළේය.
එම හස්තියා නැවත තායිලන්තයට රැඟෙන යාමට මෙරට තායිලන්ත තානාපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා වු නිසා කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට දැනුම් දුන්නේ හස්තියා රැකබලා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව කටයුතු කරන බැවින් අදාල ගැටළුව සම්බන්ධයෙන් තායිලන්ත තානාපතිතුමා සමග සාකච්ඡා කරන ලෙසයි.
මෙි වනවිට එම හස්තියා දෙහිවල සත්වෝද්‍යානයේ ඉතාමත් යහපත් තත්ත්වයෙන් පසුවන බවත් හස්තියා බැලීමට පැමිණි ශ්‍රී ලංකාවේ තායිලන්ත තානාපතිවරයා මුතුරාජා රැක බලා ගැනීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ඉතාමත් සතුටු වූ බවත් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
145
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තායිලන්තයේ ’’මුතු රාජාට’’ ලංකාවේම ඉන්න වරම්
Akila Wednesday, 16 November 2022 03:11 PM
ලංකාව අලි ඇතුන්ට හිරි හැර කරන රටක් විදිහට මුළු ලෝකෙම ප්‍රසිද්දයි , එහෙම තියෙද්දිත් මොකද මේ වෙන රටවලින් අලිපැටවූ තෑගි විදිහට මෙහෙට එවන්නේ ?
sam Thursday, 17 November 2022 02:56 PM
මේ රටේ හැම විනාශයකටම වග කියන්ඩ ඕනි අර කාලකණ්නි මහ මයිනයි උගේ සනුහරේ පුතාල, කාලකණ්නි අයියල, මලයල ඇතුලු ඥාතියි.