IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තැඹිලි ගෙඩියක් රුපියල් 2000කට විකුණයි

(අංජුල මහික වීරරත්න)

තැඹිලි ගෙඩියක් රුපියල් 2000ක මුදලකට අපනයනය කිරීමේ වැඩ පිළිවෙළක් අරඹා ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අපනයනය ඉලක්ක කර ගනිමින් තැඹිලි වගා කිරීමේ දෙවන ගම්මානය මුරුතවෙල රළුව ගම්මානය ආශ්‍රිතව ස්ථාපිත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව කීය.

තැඹිලි අපනයනය සඳහා වගා කිරීමේ පළමු ගම්මානය පහල මුරුතවෙලින් පසුගිය වසරේ දී ආරම්භ වූ අතර මෙම ගම්මාන දෙකේ තැඹිලි පැළ 10,000ක් රෝපණය කිරීමට නියමිතය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට  සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් අපනයනය කෙරෙන අතර තැඹිලි අපනයනය කිරීමෙන් 2022 දී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි එක්සත් අරාබි එමීර් රාජ්‍ය ඇතුළු රටවල් ගණනාවක තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1500 සිට 2000 දක්වා  මුදලකට බවයි.ලංකාවේ  තැඹිලි සඳහා ලොව කිසිදු රටකින් මෙතෙක් තරඟයක් එල්ල වී නැතැයි ද දැන් තරගය පවතින්නේ ලංකාවේ ව්‍යාපාරිකයන් අතර යැයිද අමාත්‍යවරයා කීය.



අදහස් (8)

තැඹිලි ගෙඩියක් රුපියල් 2000කට විකුණයි

පිටරටවැසියා Monday, 26 February 2024 12:12 PM

පට්ට බොරුනේ. කව්රු හරි ලණු දෙනවා, ඇමැතිවරු ලණු කනවා. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගෙඩියක් උපරිම රුපියල් 425 යි. කොහොම වුණත් තැඹිලි වගාකිරීම ඉතාමත් හොඳයි. ඵලදාව එනකොට තව රටවල් ටිකක් අපනයනය සඳහා හොයාගත හැකියි..

:       1       38

Asanga Monday, 26 February 2024 12:42 PM

පට්ටපල් බොරුනේ .UAE වල තැඹිලි ගෙඩිය රුපියල් වලින් 400 - 450 වගේ වෙන්නේ .මේ වගේ එවුන් ගෙදර යන්න ඕනේ

:       1       29

SHAFI Monday, 26 February 2024 12:58 PM

මම ඉන්නේ කටාර්වල. මෙහෙ තැඹිලි ගෙඩියක් රියාල් 5-6 අතර. කියන්නේ 425-510 වගේ වෙන්නේ ලංකාවේ මුදලින්... කටාර් - යූඒඊ මිල ගණන් බොහෝවිට සමානයි.

:       0       24

Jaye Monday, 26 February 2024 02:14 PM

තැඹිලි ගෙඩියට වල්ලපට්ටා කුඩු ටිකක් දාලා දෙනවද කියලා දන්නේ නෑනේ... එතකොට ටිකක් ගාණ වැඩියට ගන්න පුළුවන්...!

:       0       4

Anuradha Monday, 26 February 2024 02:16 PM

ඔහොම තමයි මෙයාලා තීරණ ගන්නේ...!

:       0       4

ඉන්දික Monday, 26 February 2024 03:00 PM

Uae වල තැඹිලි ඩිරාම් 3.50 සිට ඩිරාම් 5 දක්වා වෙනවා. ඩිරාම් එකක් අද වෙන්නේ රුපියල් වලින් 84.85 වගේ. අපේ ඇමැතිලා මිනිස්සුන්ව අන්දන්න හරි දක්ෂයි.

:       0       8

සුරංගොඩ Monday, 26 February 2024 05:33 PM

අදහස් දක්වා තියෙන ඔක්කොමලා කියත්මගේ කට්ටියක් වෙන්න පුළුවන්... ඔවුන් හිතාගෙන ඉන්නේ ඇමැතිවරයා බෙදාදෙන තැඹිලි පැළ වලින් අද සිටම ඵලදාව අරගෙන හෙට අපනයනය කළොත් ගන්න පුළුවන් මිල තමයි. ඒත් ඇමැතිවරයා මිල කියන්නේ ඔය ගස්වල ගෙඩි හැදිලා අපනයනය කරන වෙලාවේ තියෙන්න පුළුවන් මිල ගණන් තමයි. එහෙම වෙන්න තවත් අවුරුදු පහක්වත් ගතවෙනවා ඒ කාලයේ මුදල් අගය රුපියල් 2000/= වෙන්න හැකියි.

:       6       5

පිටරටවැසියා Monday, 26 February 2024 07:29 PM

සුරංගොඩ, මොනවගේ කට්ටිය වුණත් ඇත්ත ඇති සැටියෙන්, පියවි ඇසින් දකින්න. අද උපරිම රුපියල් 425 වන ගෙඩියක්, තව වසර 5 කින් රුපියල් 2000 ක් වනවිට, අපේ රුපියල පස් ගුණයකින් පමණ අවප්‍රමාණය වෙලා වැඩක් තියෙයිද? අනෙක, "තැඹිලි අලෙවි වන්නේ ගෙඩියක් රුපියල් 1500 සිට 2000 දක්වා මුදලකට" කියලා පැහැදිලිවම කියලා තියෙනවා, මේ කියලා තියෙන්නේ වර්ථමාන තත්වය පැහැදිලි සිංහලෙන්. ඔයගොල්ලෝ වගේ දැන-උගත් කට්ටිය රටේ ඉන්නකම්, දියවන්නාවේ 226ම රට කාලා, රටේ ජනතාවට කෝචෝක් කර කර ඉඳියි, අනේ වාසනාවන්...

:       1       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 264 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 183 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 990 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site