IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


තිඹිල්ල වැවේ පිටවාන කැඩෙයි

(ඔගස්ටින් ප්‍රනාන්දු) 

හලාවත, තිඹිල්ල වැවේ පිටවානේ ආරක්ෂාවට යොදා තිබූ වැලි කොට්ට ජලයේ ගසා ගෙන යාම හේතුවෙන්  වැවේ ජලය මුහුදට ගලා යන බව තිඹිල්ල ගොවි සංවිධානය පැවසීය.

තිඹිල්ල වැව කුඹුරු අක්කර 500කට ආසන්න ප්‍රමාණයකට ජලය සපයයි.

තිඹිල්ල, මුන්නේශ්වරම, පාලකුලම යන වැව් තුනටම රැස්වන ජලය පිටාර ගලා යනුයේ තිඹිල්ල වැවේ පිටවානෙනි. මෙම වැවේ ස්ථිර වාන මෙයට වසර 30කට පමණ ඉහත දී ගැලූ ගංවතුරකට මුළුමණින්ම කැඩී ගිය අතර, පසුව වැලි බැම්මක් යොදා ජලය පිටාර යාම වළක්වාලන ලදි. වෙනත් වානක් පැරණි වාන අසළ ඉදි කළ බව ගොවි සංවිධානයේ ලේකම් ඩබ්ලිව්. ඒ. ලෝව් මහතා පැවසීය. නව වාන ප්‍රමාණවත් නොවන අතර එයද මේ වනවිට කැඩී ගොස් ඇතැයි ඒ මහතා කියා සිටියේය.

තිඹිල්ල වැවේ ජලය මහ වැසි ඇදහැලෙන සෑම අවස්ථාවකදීම මෙම අබලන් වානෙන් පිටාර ගලා යන නිසා තාවකාලිකව වැලි කොට්ට යොදා ජලය පිටාර ගැලීම නවතා ගන්නා බවත්, මෙවර යෙදු වැලි කොට්ට ගසාගෙන ගොස් ඇති බවත්, එම ජලය කලපුව ඔස්සේ මහ මුහුදට ගලා යන බවත් ගොවීහු පෙන්වා දුන්හ.

වැවේ ජලය මෙසේ අපතේයාම නිසා මෙවර තම කුඹුරුවලට අවශ්‍යය ජලය ඉදිරියේ දි ලබාගැනීම අසීරු වන බවත්, වසර ගණනාවක සිට තිඹිල්ල වැවේ වාන නිසි ලෙස සකස් කර දෙන ලෙස කර ඇති ඉල්ලීම් මෙතෙක් ඉටු වී නැතැයිද ඔවුහු කීහ.

මේ සම්බන්ධයෙන් තම ඒකකය වෙත දැනුම් දීමක් කර නැති බව සහ වහා මේ සම්බන්ධයෙන් අවශ්‍යය පියවර ගන්නා බව පුත්තලම ආපදා කළමනාකරණ ඒකකයේ නිලධාරියෙක් පැවසීය.



අදහස් (0)

තිඹිල්ල වැවේ පිටවාන කැඩෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 232 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 70 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 769 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site