IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


තඹුත්තේගම රිය අනතුරින් දෙකක් මරුට: දෙකකට බරපතළයි

(අනුරාධපුර විශේෂ - බී.ජී.  චතුරංග සහ අනුරාධපුර දයාරත්න ඇඹෝගම)

පාදෙණිය අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තඹුත්තේගම කෝන්වැව ප්‍රෙද්ශයේදී දී අද (27 දා) සවස සිදු වූ මාරක රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයන් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර  ඇති බව තඹුත්තේගම මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්ගමුව මහගල්කඩවල   ප්රවදේශයේ පදිංචි 21 හැවිරිදි දේශාන් මලින්ද නැමැති පුද්ගලයෙකු  සහ ගල්ගමුව කලුන්දෑව ප්රතදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.

කොළඹ සිට යාපනය දක්වා ගමන් කළ ලොරි රථයක් සහ තලාව සිට තඹුත්තේගම  දෙසට ගමන් තී රෝද රථයක්, තඹුත්තේගම කෝන්වැව ප්‍රෙද්ශයේදී මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය කියයි.

දිවයිනේ ප්‍රසිද්ධ සබන් කර්මාන්තශාලාවක ප්‍රචාරක දැන්වීම් ඇලවීමට ගිය සේවකයන් සිව් දෙනෙකු  සේවය  නිමවී ත්‍රි රෝද රථයේ ගමන් කර ඇති බව පොලීසිය කියයි.

අනතුරින් තුවාල ලැබූ සිව් දෙනෙකු  තතඹුත්තේගම  රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව ඉන්දෙදෙනකු  ජීවිතක්ෂයට පත්ව ඇති අතර බරපතළ තුවාල ලැබූ අනෙක්  පුද්ගලයන් දෙදෙනා තඹුත්තේගම රෝහලේ හදිසි ප්ර තිකාර ඒකකයේ ප්රපතිකාර  ලබන බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන  පොලීසියේ  රථවාහන අංශ නිලධාරීහු පිරිසක් වැඩිදුර  විමර්ශන සිදු කරති.



අදහස් (4)

තඹුත්තේගම රිය අනතුරින් දෙකක් මරුට: දෙකකට බරපතළයි

sampath Tuesday, 27 December 2022 11:24 PM

ත්‍රී රෝද රථය ඉතාම අනාරක්ෂිත වාහනයක් .අද කාර් එකකටත් වැඩි ගානකට අරන් තෙමි තෙමි අනාරක්ෂිතව ගමන් කරන්නේ වැරදි ප්‍රතිපත්ති නිසයි .දැන්වත් ත්‍රීරෝද රථ වෙනුවට ටැක්සි සඳහා මෝටර් රථ ගේන්න. බදු ඉවත් කරන්න .හැම පවුලකටම එක සැහැල්ලු මෝටර් රථයකට බදු ඉවත් කරන්න ..සාමාන්‍ය ජනයා ආරක්ෂිතව ගමන් කරනවාට හොඳ සමාජ ජීවිතයක් ගතකරනවා මේ තරම් කුහක ඇයි

:       0       13

PereraWednesday, 28 December 2022 12:59 PM

අපෝ... එහෙම කරන්න බැහැනේ.. හැමෝම කාර්වල යන්න ගත්තාම දේශපාලකයන්ගේ උජාරුව බහිනවානේ...

:       0       1

සුරංග Wednesday, 28 December 2022 04:51 AM

ලොරියේ රියදුරුට නින්ද ගියා කියලා කිව්වෙ නැද්ද

:       0       1

කිරිපුතා Wednesday, 28 December 2022 09:47 AM

ත්‍රීීවීල් එකක් යනවා කියන්නෙ කුඩයක් යටින් යනවා වගේ. නමුත් ත්‍රීීවීල් පදවන්නෙ ගුවන් යානයක් කියලා හිතාගෙන. මේ මානසිකත්වය නැති කර ගැනීමත් රට තුළ ත්‍රීීවීල් භාවිතය අඩු කිරීම හෝ නැති කිරීමත් සිදුවනතුරු මෙවැනි අණතුරු සිදුවේවි.

:       0       15

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 69 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 935 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site