IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


තඹුත්තේගම මධ්‍ය විදු දරුවෝ ජනාධිපති කාර්යාලය බලන්න එති

(අංජුල මහික වීරරත්න)

අනුරාධපුර, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියෝ පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාව අතරතුර ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා අද (20) පස්වරුවේ පැමිණියහ.

ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහනට සහභාගි විමට මෙහිදී එම සිසු සිසුවියන්ට අවස්ථාව උදාවිය.

ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ සිසුන් දැනුවත් කිරීමද සිදු කෙරිණි.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන Clean Sri Lanka වැඩසටහන, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධයෙන් එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන් දැනුවත් කිරීමද මෙහිදී සිදු විය.

මෙම අවස්ථාවේදී ජනාධිපති නීති උපදේශක ජේ. එම්. විජේබණ්ඩාර  මහතා පරිසරය සුරැකීමේ අගය සංකේතාත්මකව පෙන්වා දෙමින් එම පාසල වෙත වටිනා පැලයක් ප්‍රදානය කළේය.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එන්. එම්. කුමාරසිංහ, ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කර්නල් ධනංජය සෙනරත්, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති එම්. ජී. අසංක විජේසූරිය මහත්වරු, ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (1)

තඹුත්තේගම මධ්‍ය විදු දරුවෝ ජනාධිපති කාර්යාලය බලන්න එති

යෝගා Saturday, 21 June 2025 10:22 AM

ගම කන්නේ කවුද කියලා බලන්න ඇවිත්....

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 309 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 98 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 787 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site