IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තබ්බෝවේ ජලය අපතේ

( හිරාන් ප්‍රියංකර ජයසිංහ )

තබ්බෝව ජලාශයෙ වම් ඉවුර යටතේ ඇති සොරෝව්ව නිසි ලෙස වසා ගැනිමට නොහැකි විමේන් දැවන්ත ජල කදක් අපතේ යමින් ඇති බව ගොවීන් හා ගොවීජන සංවිධාන චෝදනා කරති.

තබ්බෝව ජලාශයෙ වම් හා දකුණු සොරෝව් හා වෑ කන්ද සේම රළපනාව කළුගල් ඇතිරීම ඇතුළු දැවැන්ත ව්‍යාපෘති රැසක් රුපියල් ලක්ෂ 1994 ක මුදලක් වැය කරමින්  ප්‍රතිසංස්කරණ කර ඇත.

නමුත්  වසර 10 ක් ගත වෙන්නටත් පෙරත් වම් සොරෝව්වේ දොරටුව නිසි ලෙස වසා දමා ජලය පාලනය කර ගැනිමට නොහැකි විම හේතුවෙන් දෛනිකව දැවැන්ත ජල කදක් අපතේ යමින් තිබේ.

2012 වසරේ  වාරි පුනුරුත්ථාපන වැඩසටහන යටතේ වේලි ආරක්ෂණ ව්‍යපෘතිය තබ්බෝව ජලාශයෙ  මෙම දැවැන්ත ප්‍රතිසංස්කරණය සිදුකර තිබුනේ  දිවයිනේ ප්‍රධාන පෙලේ කොන්ත්‍රාත් සමාගමක් යටතට පත් කරමිනි.

නමුත් එම ඉදි කිරීම වලදි අදලා කටයුතු නිසි ලෙස අදාල කොන්ත්‍රාත් සමාගම සිදුකර නොමැති බවටද ගොවී සංවිධාන චෝදනා එල්ල කරති.

දෙවන අග්බෝ රජු විසින් ක්‍රිස්තු පුර්ව 604 දී තබ්බෝව වැව ඉදිකර ඇති බව කියයි.පුත්තලම දිස්ත්‍රික්කයෙ දැවැන්තම ජලාශ කීපය අතරින් තබ්බෝව ජලාශයට හිමි වන්නේ සුවිශේෂ ස්ථානයකී.

පුත්තලම අනුරාධපුර මාර්ගයෙ කරුවලගස්වැව තබ්බෝව ප්‍රදේශයෙ මාර්ගය දෙපසට විහිදි ඇති තබ්බෝව ජලාශව සුන්දරම ජලාශයක් වෙයි.

අක්කර අඩි 15400 ක ජල ධාරිතාවයකින් යුත් මෙම ජලාශය යටතේ කුඹුරු අක්කර 2500 කට ආසන්න සංඛ්‍යාවක් යල මහ කන්න දෙකෙහිම වගා කිරීම සිදුවෙති.

එවන් සුවිශේෂ ජලාශයක සොරෝව්ව නිසි ලෙස වසා ගැනිමට නොහැකි විම බරපතලම තත්වයක් බව ගොවින් චෝදනා කරති.

වම් සොරෝව්වේ දොරටුව නිසි ලෙස වසා ගැනිමට නොහැකි විම හේතුවෙන් වාරි මාර්ග නිලධාරීන් අවස්ථා ගනනාවකදි අලුත් වැඩියා කිරීම් රැසක් සිදු කර ඇති නමුත් එය පලක් වී නැති බව කියයි.

දැවැන්ත මුදල් සම්භාරයක් විනාශ කරමින් සිදුකල මෙම ප්‍රතිසංස්කරණය තුළින් අරමුණු කල කිසිවක් සිදුව නැති බවත් සිදුවු එකම කරුණ නම් ඒ වන විටත් කිසිදු ලෙසකින් ආපදාවකට ලක් නොවි තිබු ඉපැරණි වම්  සොරොව්ව සති ගනනක් තිස්සේ දැවැන්ත යන්ත්‍ර සුත්‍ර යොදා ගනිමින් ගලවා දමා නව සොරෝව්වක් ඉදි කිරීම පමනක් බව ගොවින් චෝදනා කරතී.

පැරණි වම් සොරෝව්ව ගලවා දැමිමේන් පසු ඉදි කල නව වම් සොරෝව්ව ඉදිකල දින සිටම නිස ලෙස ක්‍රියාත්මකව නොමැති බව කියයි.

කෙසේ වෙතත් මේ දිනවල යල කන්නයෙ වී වගා කල කුඹුරු වෙත ජලය ලබා දීම සිදුවෙති.අදාල ජලය නිකුත් කිරීම මුර ක්‍රමටය සිදුවෙති.

නමුත් අදාල ජලය කුඹුරු වෙත ලබා දීම නවතා දැමිම සිදුවන දිනවලදී ද  සොරෝව්වේ දොරටු නිසි ලෙස වසා ගැනිමට නොහැකි වීමේන් නිරන්තරයෙන් ජලය නිකුත් කර ඇති ආකාරයට ජලය ගලා යාම සිදුවෙන බව ගොවීන් පවසති.

මෙසේ ජලය නිරන්තරයෙන් වම් සොරෝව්වෙන් ගලා  යාම හේතුවෙන් ජලාශයෙ ජල මට්ටමට බරපතල තත්වයක් උදා කර දී තිබුනද වාරි මාර්ග බළධාරීන් එය නොසලකා ඇති  බවද ගොවීහූ චෝදනා කරතී.

පවතින වියළි කාලගුණ තත්වය මත මෙසේ ජලාශයෙ ජල මට්ටම කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව ගලා යාම තුළින් ඉදිරි නියං සමයක් පෙනෙන තත්වයක් තිබියදී බරපතල අවදානමකට ජලාශය ලක්කර ඇති බව පැවසෙයි.

මේ පිළිබදව පුත්තලම වාරි මාර්ග අධ්‍යක්ෂ කේ .සුබ්‍රමනියම් මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියෙ දොරටු වල යම් ගැටළුවක් තිබු බවත් , ඒ නිසා සවි කල සොරෝව් දොරටුව අලුත්වැඩියාවකට යවා ගෙන්වා ඇති බවත්  .එය සවි කිරීමට කටයුතු කරන බවත්ය. ‘

 

 

 

 



අදහස් (1)

තබ්බෝවේ ජලය අපතේ

දිමුත් Monday, 07 August 2023 02:27 PM

මේවා නං අපරාධ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 426 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1029 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site