IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


තැපෑල වගේ පෙනී සිටි වෙබ් අඩවි පහක් තහනම්

(සුජිත් හේවාජුලිගේ)

තැපැල් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට සමානව සැකසූ ව්‍යාජ වෙබ් අඩවි පහක් අන්තර්ජාලයෙන් ඉවත් කෙරුණු බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

මෙම ව්‍යාජ වෙබ් අඩවි පහ අන්තර්ජාලයෙන් මෙසේ ඉවත් කරනු ලැබ ඇත්තේ මේ සම්බන්ධයෙන් තැපැල්පති රුවන් සත්කුමාර මහතා කළ පැමිණිල්ලක් අනුවය.

මේ සම්බන්ධයෙන් කළ විමසුමකදී අදහස් දැක්වූ තැපැල්පති රුවන් සත්කුමාර මහතා පැවැසුවේ තැපෑලේ වෙබ් අඩවියට සමාන ව්‍යාජ වෙබ් අඩවි සකස් කර මුදල් වංචා කිරීමේ සිද්ධීන් ගණනාවක් පසුගිය කාලයේදී වරින් වර වාර්තාවූ බවයි.

මේ සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසත් ව්‍යාජ වෙබ් අඩවිවලට නොරැවටෙන ලෙසත් තැපැල්පතිවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මෙම ව්‍යාජ වෙබ් අඩවි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයට මෙන්ම පොලිසියට ද පැමිණිලි කර ඇතැයි හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ශ්‍රී ලංකා පරිගණක හදිසි සංසදයේ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චාරුක දමුණුපොළ මහතා පවසන්නේ මෙම වෙබ් අඩවිවලින් මුදල් වංචා කළ සිද්ධීන් තිස්පහක් පමණ වාර්තාවී ඇති බවයි.

මෙම ව්‍යාජ වෙබ් අඩවි පහ තැපෑලේ නියම වෙබ් අඩවියට බොහෝ සෙයින් සමාන වන සේ සකස් කර තිබූ බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

 



අදහස් (0)

තැපෑල වගේ පෙනී සිටි වෙබ් අඩවි පහක් තහනම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site