
(අංජුල මහික වීරරත්න)
තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත ඉවත් කර වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නව පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත සංශෝධනය කිරීම සඳහා 2022-03-07 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අනුමැතිය ලබා දී ඇත. එකී ආඥාපනතේ ඇතැම් වගන්ති සම්පුර්ණයෙන් සංශෝධනය කිරීමටත්, අලුතින් වගන්ති ඇතුළත් කිරීමටත් යෝජනා වී ඇති බැවින් එම ආඥාපනත තවදුරටත් සංශෝධනය කිරීම වෙනුවට වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි නව පනතක් හඳුන්වා දීම වඩාත් යෝග්‍ය බව පෙනී ගොස් ඇත. ඒ අනුව, (282 අධිකාරය වූ) 1931 අංක 1 දරන තැපැල් කාර්යාල ඇප අරමුදල ආඥාපනත ඉවත් කර නව පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීම පිණිස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
තැපැල් පනත මොඩ් වෙයි