IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


තැපෑල අත්‍යාවශ්‍ය කරයි

(කේ බුද්ධික කුමාරසිරි)

මෙරට පොදු ජනතාවට අවශ්‍ය තැපැල් සේවාව ලබාදීම සඳහා අද දින සිට තැපැල් සේවාව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස සලකමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අත්සන් තැබූ බව ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය කැබිනට් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා  හෝමාගම දී පැවසීය.

මෙම වර්ජනය කිසිදු පදනමකින් තොර වර්ජනයක් බවත් තැපැල් දෙපාර්තුමේන්තුව කාලයක සිට අලාභ විඳිමින් සේවාන් සලයන බවත් පෞද්ගලීකරණය නොකොට කාර්යක්ෂම සේවාවක් සැපයීම සඳහා අදායම් වැඩිකර ගැනීමට විකල්ප ක්‍රමවේද අනුගමනය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (4)

තැපෑල අත්‍යාවශ්‍ය කරයි

PATTA hora Wednesday, 08 November 2023 04:42 PM

ක්‍රිකට්වලට විතරක් නෙවෙයි රටටම හෙන ගහන්න පටන් ගත්තේ 2015 පස්සේ. යහපත් ආර්ථික වර්ධනයකුත් තියාගෙන, ණය ප්‍රමාණයත් සියයට 105 සිට 70 දක්වා අඩු කරගෙන, යටිතල පහසුකම් දියුණු කරගෙන, ක්‍රීඩාවත් හොඳින් කරගෙන ගිය කාලේ විනාශ වුනේ අපේ මිනිස්සු ඉරිසියාව වයිරය ක්‍රෝධය මුල් කර ගත්තු තක්කඩි පිරිසකට අහුවුණු නිසා. ඡන්දෙ දීලා පත් කර ගත්තු නල්ල මලෝ ජෝඩුවක්... අන්තිමට බෝම්බ පාරවලුත් කාගෙන ඒ නාට්ටිය ඉවර වුනේ... ඉතිහාසේ කවදාවත් නැති තරමට ණය වුනේ ඒ කාලේ... කරපු වැඩකුත් නැති වුණාට තිබුණු දේවල් විකුණුවා. හම්බන්තොට වරාය වගේ රත්තරන් බිජු දාන කිකිළියක් වගේ වගක් නැතුව දීලා දැම්මා... බින්දුවට තිබුණු ආර්ථිකේ කෝවිඩ් නිසා ඉවරේටම ඉවර වුණා. ආයෙත් පරණ බේගලයෝ ටික ජූලී චන්ග් නෝනා, බුරියානි කල්ලිය වගේ නූල් සුත්තරකාරයින්ට ඕන විදිහට නටන්න ගත්තා. ආර්ථික අවපාතය නිසා මිනිසුන්ටත් මොකක්ද වුනේ කියන දේ ගැන විචාරාත්මකව හිතන්න හැකියාවක් තිබුනේ නෑ. රැල්ලට ගියා. අපනයනය වැඩි කරලා රට නිවැරදි මාවතට ගන්න හදපු මිනිහව ප්‍රජාතන්ත්‍ර විරෝධී අයුරින් ඉවත් කළා. IMF යන්න කියලා බලකළ නොමේරු අඳ බාල "රෝං ජෙනරේශන්" හැතිකරේ අද ගලේ පැහැරූ බළල්ලු වෙලා ඉන්නවා...

:       4       4

SamanThursday, 09 November 2023 11:06 AM

patta hora, 2015 තීරණේ වැරදියි කියමුකො. 2015 ගෙනපු උන්ව 2020 එලෙව්වට පස්සෙ අයෙත් පස්ස දොරෙන් ජනපති කලේ ඇයි.

:       0       0

chandani Wednesday, 08 November 2023 05:32 PM

මේ අය මේ රට විනාශ කරනවා... නැත්තටම නැති කරනවා... විදේශිකයින්ඔය තැපැල් කන්තෝරුව බලන්න එන්නේ, ඒ අයගේ රටවලට සිහිවටන ලියුමක් යවන්න, මුද්දර සිහිවටන ගන්න වගේ ඒ අයගේ අවශ්‍යතා ඉටුකරගන්න, ඔය පැරණි තැපැල් කන්තෝරුව ඉස්සරහ සිටගෙන ෆොටෝ එකක් ගන්න වගේ අවශ්‍යතාවලට... දැන් මේ අය තමන්ගේ බත් බැලයෙකුට හෝටලයක් හදන්න මේ ඉඩම පිටින්ම දුන්නාම මොකද වෙන්නේ? මට සැකයි මේක දෙන්න යන්නේ බැංකු වලට කෝටි ගණන් පොලු තියපු හොරෙකුටයි කියලා. නුවරඑලියට අවශ්‍යම දෙය තමයි පිරිසිදු, ප්‍රසිද්ධ වැසිකිළියක්. ඉතාම අබලන්, අපිරිසිදු, කැඩුණු දොරක් සහිත වැසිකිලියකුත්, දොරක් වෙනුවට ටකරමක් තියන වැසිකිළියකුත් තමයි තියෙන්නේ...!

:       2       10

Rohana Thursday, 09 November 2023 09:16 AM

අහෝ බන්දුල නුදුටු මොක්පුර

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site