IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


තොප්පිගල ඩෝසර් කරලා

(මනම්පිටිය නිමල් ජයරත්න)

මඩකළපුව තොප්පිගල, වඩමුණේ උත්තුචේන යන රක්ෂිතවල, පුරාවස්තු ද ඩෝසර් දමා කිසියම් පිරිසක් මහා වන විනාශයක් කරන බවට පරිසරවේදීහු සහ ප්‍රදේශවායේ ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.

තිස් දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම රක්ෂිත තුනේ අක්කර 1,500 කට ආසන්න ප්‍රදේශයක් සම්පූර්ණයෙන් වනසා ඇතැයි ද වාර්තා වේ.

ඔවුන් එහි වී වගා කිරීමට යැයි පවසා රක්‍ෂිතය දිවා රාත්‍රී ඩෝසර් කරමින් ඇති අතර, එම රක්ෂිතවල සිටින වන අලින් ඇතුළු සතුන්, ගම්වැදීමට පටන්ගෙන ඇති බවද උත්තුචේන ගම්මු සඳහන් කරති.

එම රක්‍ෂිතවල පැල්පත් ඉදිකරමින් මෙම සංවිධානාත්මක ජාවාරම්කරුවන් ගිනිඅවි නිෂ්පාදනය කර, එම වනාන්තරවල සිටින මොනරුන්, මුවන්, හාවන්, මීමින්නන් ඇතුළු වන සතුන් දඩයම් කරමින් මස් ජාවාරමක ද නිරත වන බව ප්‍රදේශවාසීහු කියති.

තොප්පිගල රක්ෂිතයේ වඩමුණේ ප්‍රදේශයට වන්නට අක්කර ගණනාවක් ඩෝසර් කර ඇති අතර, උත්තුචේන, වඩමුණේ ඇතුළු රක්ෂිත වනසා එහි තිබෙන වටිනා පුරා වස්තු රැසක් විනාශ කර ඇති බව ද උත්තුචේන ප්‍රදේශවාසීහු පෙන්වා දෙති.

මේ පිළිබඳව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට මෙන්ම අදාළ බලධාරීන්ට ලිඛිතව හා වාචිකවත්, දුරකතන ඇමතුම් මගිනුත් දැනුවත් කළ ද එය වැළැක්වීමට කිසිදු බලධාරියකු ක්‍රියා මාර්ගයක් ගෙන නැතැයි ඔවුහු චෝදනා කරති.

රජයේ ඉඩම් සහ රක්ෂිත වනාන්තර බලහත්කාරයෙන් අල්ලා සිදුකරන මෙම ජාවාරම නිසා සතුන්ගේ ජීවිත මෙන්ම තමන්ගේ ජීවිත දැඩි අනතුරට ලක්ව ඇති බවද ඒ අවට වැසියෝ පවසති.

මේ අතර එම රක්ෂිතවල තිබෙන වටිනා පළු, වීර, බුරුත ඇතුළු ශාක ඩෝසර් මඟින් දිවා රාත්‍රියේ බිම හෙළන බව පරිසර සංවිධානය සඳහන් කරයි.

මෙම ජාවාරම්කරුවන්ට පොළොන්නරුව සහ මඩකළපුව දිස්ත්‍රික්ක නියෝජනය කරන සමහර දේශපාලනඥයන්ගේ රැකවරණය ලැබී ඇතැයි ද, ඔවුන්ගේ අනුගාමිකයන් මෙන්ම ආධාරකරුවන් මෙම අපරාධයන් පිටුපස සිටින බවට තොරතුරු දැන ගන්නට ලැබී ඇතැයි ද ගොවි සංවිධානය සඳහන් කරයි.

අප මේ පිළිබඳව මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර සුගත් වීරසිංහ මහතාගෙන් විමසීමක දී කීවේ,

මෙම ඉඩම් බල ප්‍රදේශ මහවැලියෙන් පාලනය නොවන බවය. එය වැලිකන්ද සහ කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලින් පාලනය වන බව ඔහු කීවේය.

කෙසේ වෙතත් මේ පිළිබඳව සොයා බැලීමට මහවැලි ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් ඉතා කඩිනමින් යොමු කරන බවද හෙතෙම සඳහන් කළේය.

මෙම රක්ෂිත, පුරාවස්තු ස්ථාන මෙන්ම වනාන්තර විනාශ කිරීම පිළිබඳ වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් හයිරූන් නිශා මහත්මියගෙන් කළ විමසීමක දී ඇය පැවැසුවේ ඩෝසර් දමා විනාශ කරන රක්ෂිත ප්‍රදේශ තම බල ප්‍රදේශයට අයත් නොවන බවය.

අප මේ පිළිබඳව කිරාන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් කළ විමසීමකදී එහි නිලධාරියකු සඳහන් කළේ මේ පිළිබඳ පරීක්‍ෂණයක් සිදුකර පිළිතුරක් ලබාදෙන බවය.



අදහස් (3)

තොප්පිගල ඩෝසර් කරලා

පැරකුම් Monday, 04 September 2023 09:47 PM

රටේ ප්‍රධාන පුරවැසියාගේ අනුග්‍රහය ඇතිව සිදුවන බැවින් කිසිවක් කළ නොහැක.

:       0       0

කිරිපතා Monday, 04 September 2023 11:36 PM

අව්ලක් නෑ. පිං රජා කොටියෙක් තමයි ඔය පැත්තෙ ආණ්ඩුකාර කමට දාලා තියෙන්නෙ

:       0       2

නිමල් Tuesday, 05 September 2023 10:58 AM

"තිස් දෙනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම රක්ෂිත තුනේ අක්කර 1,500 කට ආසන්න ප්‍රදේශයක් ..", "දිවා රාත්‍රී ඩෝසර් කරමින්.." මේ රටේ (තියෙන, කියන, කරන ) කිසිම දේකට වගකීමක් ගන්ඩ කිසිම කෙනෙක් නෑ. පාලකයොත් එහෙමයි. පාලිතයොත් එහෙමයි.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 332 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site