IMG-LOGO

තුන් බියකින් අක්කර හැටපන්දාහක් විනාසයි

(අංජුල මහික වීරරත්න)

නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය නිසා මේ වන විට අක්කර  65,871.32ක් වගා හානි සිදුව ඇතැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

මෙම වගා හානි නිසා බලපෑමට ලක් වූ ගොවීන් ගණන 67,122කි.

වී වගාවේ අක්කර 65,411.17ක් හා අනෙකුත් බෝග ආශ්‍රිතව අක්කර 460.15ක් ද හානියට ලක්ව තිබේ.  වී වගා කළ ගොවීන් 66,718ක් සහ අනෙකුත් බෝග වගා කළ ගොවීන් 404 දෙනෙක්ද බලපෑමට ලක්ව තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය කෘෂිකර්ම අමාත්‍යවරයාට දුන් වාර්තාවේ සඳහන්ය.

වැඩිම වගා හානි ප්‍රමාණය  කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර  එහි අක්කර 26 813.67ක් හානි වී ගොවීහු 32,245ක් පීඩාවට පත්ව සිටිති.

දෙවන ස්ථානයට වැඩිම වගාහානි ප්‍රමාණය උඩවලව කලාපයෙන් වාර්තා වේ. එහි අක්කර 14 810.13ක් වගා හානි වාර්තාවන අතර බලපෑමට ලක්වු ගොවීන් ප්‍රමාණය 11,651කි.

තුන්වන ස්ථානයට වැඩිම වගාහානි ප්‍රමාණය  හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එහි අක්කර 5235ක් වගා හානි සිදුව ඇති අතර පීඩාවට පත්ව ගොවීන් සංඛාව 4339කි.

මාතලේ අක්කර 1496 (ගොවීන් 2555ක්), පුත්තලම අක්කර 2244ක් ( පීඩාවට පත් ගොවීන් 1636ක්), පොලොන්නරුව අක්කර 1543ක් ( ගොවීන් 599), හා මොනරාගල අක්කර 1125ක් ( ගොවීන් 1095ක්) වශයෙන් වාර්තා වී ඇත.

 කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය විසින් අවසන්  වගාහානි තක්සේරු වාර්තාව ලබා දුන් වහාම එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

එමෙන්ම වගාහානි සඳහා වන්දි ගෙවිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිටත් තමන් විසින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කර තිබෙන බවත් එය ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (0)

තුන් බියකින් අක්කර හැටපන්දාහක් විනාසයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 64 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 144 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 975 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site