තිලෝගුරු සම්මා සම්බුදු පියාණන්ගේ තෙමඟුල සිහිකරමින් රටපුරා වෙහෙර විහාරස්ථාන වෙසක් සැරසිලිවලින් අලංකාර විය.
වෙහෙර විහාරස්ථාන මෙන්ම විවිද සංවිධාන මගින් මෙම වෙසක් සැරසිලි සංවිධානය කර තිබුණි.
කොළඹ නගරයේ වෙසක් කාලාප රැසක් සංවිධානය කර තිබූ අතර තොරණ රැසක් ද ප්‍රදර්ශනය කර තිබුණි.
මහා මයුර ජාතකය රැගත් තොරණ අතුරුගිරිය නගරයේ ඉදිකර ඇති අතර චුල්ල ධර්මපාල ජාතකය රැගත් තොරණ කැලණිය විහාරයේ ප්‍රදර්ශනය කරයි.
කොට්ටාව නගරයේ අපණ්ණක ජාතකය රැගත් තොරණ, ගංගාරාම විහාරය ඉදිකළ තොරණ මගින් මහා හංස ජාතියක පිළිඹුබු කරයි. ගාලුමුවදොර ආසන්නයේ කච්චායන ජාතකය විදහා දැක්වෙන තොරණ ප්‍රදර්ශනය කෙරෙන අතර තොටළඟ යශෝදර චරිතාපදනය පිළිඹිබු කරයි. මීට අමතරව නෙළුම් කුළුන ද බෞද්ධ කොඩිය හැඩයට අලංකාව විදුළි බුබුළුවලින් වර්ණවත් කර ඇත.වැලිකඩ බන්ධනාගාරයද අලංකාරව සරසා තිබුණි. වෙසක් නරැඹීමට පැමිණි බැතිමතුන්ගෙන් කොළඹ නගරය පිරිගොස් තිබූ අතර ඇතැම් මාර්ගවල දැඩි වාහන තදබදයක් පැවැතියේය.
මිට අමතර ගම්පහ කළුතර වේයන්ගොඩ ඇතුළු නගරවල වෙහෙර විහාරස්ථාන මූලික කරගනිමින් විවිධ වූ වෙසක් සරසිලි මෙන්ම පෙරහරද සංවිධානය කර ඇත. වෙසක් සතිය මුළුල්ලේ මෙම වෙසක් තොරණ හා කූඩු ප්‍රදර්ශනය කරයි. බැතිමතුන්ගේ පහසුව සඳහා බත්,සිසිල් පැන් ඇතුළු විවිධ දන්සල් ද සංවිධානය කර ඇත.
(ඡායාරූප: ළහිරු හර්ෂණ)
අතුරුගිරිය
තොටළග
ගාලුමුව දොර
වැලිකඩ බන්ධනාගාරය
රාජගිරිය
බත්තරමුල්ල
වැලිකඩ බන්ධනාගාරය
කැළණිය
ගංගාරාමය
(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි)
වේයන්ගොඩ
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
තැන තැන තොරණ:බැතිමතුන්ගෙන් කොළඹ පිරේ
Dinath Sunday, 07 May 2023 12:42 AM
ගොඩක් හොඳයි...!