IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


තුන්පනේ හිටපු මන්ත්‍රීවරයෙක් කසිප්පු විකුණලා

(ෂේන් සෙනෙවිරත්න)

හතරලියද්ද තුන්පනේ ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් (පොදු පෙරමුණ) කසිප්පු ස්ප්‍රීතු බෝතල් දෙකක් ද සමග හතරලියද්ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා හතරලියද්ද පොලිස් වසමේ පොල්වත්ත ප්‍රදේශයේ ඔහුගේ නිවෙස ආසන්න ස්ථානයක නීති විරෝධී කසිප්පු අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

මෙම හිටපු මන්ත්‍රීවරයා නීති විරෝධී කසිප්පු අලෙවි කරන බවට පොලිසියට ලද තොරතුරකට අනුව ඔහු පොලිසියට කැඳවා එම කටයුත්තෙන් මිදෙන ලෙස‍ට මින් පෙර අවවාද කර තිබූ බව ද පැවැසේ.

එම අවවාද ද නොපිළි‍ගෙන හිටපු මන්ත්‍රීවරයා එසේ කසිප්පු අලෙවි කරමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.

හතරලියද්ද පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර සැකකරු අද (10) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී .

 



අදහස් (4)

තුන්පනේ හිටපු මන්ත්‍රීවරයෙක් කසිප්පු විකුණලා

BDB 0173 Monday, 10 June 2024 06:04 AM

පොහොට්ටුව නැත්නම් පොදු පෙරමුණ කියන්නෙ කසිප්පු පෙරමුණ තමයි ගම් මට්ටමෙන් කසිප්පු නිෂ්පාදනය බෙදාහැරීම හා විකිණීම කරන්නෙ ඔවුන් තමයි මැතිවරණ අවස්ථාවලදී පොදු පෙරමුණේ නායකයින්ගේ ඡායාරූප බැනර් ආකාරයට සකසා ප්‍රදර්ශනය කිරීම හා නිවෙස්වල එල්ලාගෙන සිටීම ඔවුන් කරන්නෙ හදිසියේ වත් පොලිසිය පැමිණියොත් බේරෙන්න පුළුවන් කියලා පොදු පෙරමුණු සාමාජිකයින්ගේ ප්‍රධාන රැකියා වන්නේ කසිප්පු නිෂ්පාදනය මිස වෙනත් එකක් නොවෙයි

:       0       0

වීර Monday, 10 June 2024 07:36 AM

ඔක්කොම ඔහොම උන් තමයි. කාලකන්නි..

:       0       0

sunimal Monday, 10 June 2024 08:12 AM

ප්‍රාදේශීය දේශපාලකයෝ කියන්නෙම කාලකන්නි ත්‍රාඩයෝ තමයි . කලාතුරකින් හින්ද මිනිහෙක් දෙන්නෙක් ඇති . මෝඩකමයි , හීනමානයයි , චන්ඩිකමයි පමණයි බොහෝ අය ලඟ ඇත්තේ.

:       0       0

පිටරටවැසියා Monday, 10 June 2024 11:25 AM

ඕක මොකක්ද? දියවන්නාවේ ඉන්න අයට එතනෝල් - කසිප්පු ෆැක්ටරි පිටිං තියෙන්නෙ ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 516 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1061 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site