(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය සුරැකීම සඳහා යහපත් විදේශ සේවයක අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දූත මණ්ඩල සේවාව සඳහා පිටත්ව යන නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් 11 දෙනෙක් ජනාධිපති කාර්යාලයේ දී හමු වූ අවස්ථාවේ දී ය.
ශ්‍රී ලංකාව යළි ගොඩනැඟීමේ වැඩපිළිවෙළට අනෙකුත් විදේශ රටවල සහාය ලබා ගැනීමට කැපවීමෙන් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නව දූත මණ්ඩල සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.
ඕස්ට්‍රේලියාවේ නව ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පත් කෙරුණු විදේශ කටයුතු අමාත්‍යාංශයේ හිටපු ලේකම් චිත්‍රාංගනී වාගීස්වර, ප්‍රංශයේ තානාපති ලෙස පත් කෙරුණු මනීෂා ගුණසේකර, බහරේන් තානාපති ලෙස පත් කෙරුණු එච්.එම්.ජී.ආර්.ආර්.කේ. විජේරත්න මෙන්ඩිස්, වියට්නාමයේ තානාපති ලෙස පත් කෙරුණු ආචාර්ය ඒ.එස්.යූ. මෙන්ඩිස්, ජර්මනියේ තානාපති ලෙස පත්කෙරුණු වරුණි මුතුකුමාරණ, ලෙබනනයේ තානාපති ලෙස පත් කෙරුණු කපිල ජයවීර, ඊශ්‍රායලයේ තානාපති ලෙස පත්කෙරුණු එම්.එච්.එම්.එන්. බණ්ඩාර, ඉතියෝපියාවේ තානාපති ලෙස පත් කෙරුණු කේ.කේ.ටී. කුමාරසිරි, ජෝර්දානයේ තානාපති ලෙස පත් කෙරුණු ප්‍රියංගිකා විජේගුණසේකර, පිලිපීනයේ තානාපති ලෙස පත් කෙරුණු ආචාර්ය චානක එච්.තල්පහේවා, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති ලෙස පත් කෙරුණු උදය ඉන්ද්‍රරත්න යන මහත්ම මහත්මීහු මෙම අවස්ථාවට සහභාගී වූහ.

2025 දෙසැම්බර් මස 18
186
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
160
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
963
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තානාපතිවරු එකොළහක් ජනපති හමුවී එතෙර යති
ganegoda Thursday, 05 January 2023 05:46 PM
කවුද මේ?මැති ඇමති ගොල්ලන්ගේ දූවරු ,බෑනලා .සමහරු මේ පට්ටම සල්ලි වලටත් ගත්තලු
fairoos Thursday, 05 January 2023 06:03 PM
මේක දේශපාලක පත්වීම්...! රටට කිසිම යහපතක් නෑ...