
(අංජුල මහික වීරරත්න)
කඳුකර කොටි හා වෙනත් සතුන් මදුවලට හසු වු අවස්ථාවල දී මුදාගැනීම සඳහා විශේෂ දැලක් අත්හදා බැලූ බවත් එම අත්හදා බැලීමෙි කටයුතු සාර්ථක බවත් වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින කොටි මද්දට හසුවීම නිසා මරණයට පත් වූ අවස්ථා රැසක් පසුගිය වසර කිහිපයේ වාර්තා වූ බව වන ජීවී අමාත්‍යාංශය කියයි.
2020 දී මධ්‍යම පළාතේ කග කොටි 09ක් ද, 2021 වර්ෂයේ කොටි 08ක් හා 2022 වර්ෂයේ කොටි 04 දෙනෙක් ද වශයෙන් මදුවලට හසුවීම නිසා මරණයට පත් වී ඇතැයි වනජීවී අමාත්‍යාංශ පවසයි.
2020 දී මදුවලට හසුවී සිටි කොටි 06ක් ද 2021 දී කොටි 03 දෙනෙක් හා 2022 දී කොටි 02ක් ද මුදාගැනීමට වනජීවී නිලධාරින්ට හැකි වී තිබෙි.
සමර්හිල් කොටියා මුදා ගැනීමේ අර්බුදයෙන් පසු සතුන් ගලවා ගැනීමේ දී විධිමත් පියවර අනුගමනය කරන ලෙස කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබිණි .
ඒ අනුව මධ්‍යම පළාතට අයත් මාතලේ, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල තේවතු ආශ්‍රිතව වාර්තා වන කඳුකර කොටි සංරක්ෂණයට සුදුසු වැඩ පිළිවෙළක් ආරම්භ කිරීමට එම දෙපාර්තමේන්තුව සැළසුම් කර ඇතැයි ද ඒ අනුව මෙම විශේෂ දැළ අත් හදා බලන බවද වනජීවී දෙපාර්තමේන්තුව පවසයි. විශේෂයෙන් මද්දට හසුවන සතුන්ට හානියක් නොවන පරිදි ඔවුන් දරා සිටීම සදහා මෙම Cargo Net වැනි දැළ උපකාරී වන බව අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.
2025 දෙසැම්බර් මස 18
384
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
225
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1019
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තොන්ඩුවට අසුවන සතුන් බේරගන්න වනජීවීයෙන් ’’දැලක්’’
nilu Wednesday, 07 September 2022 08:59 PM
සතුන්ට මදුදමන අයටත් දඬුවම් කරන්න ඕනේ.... නැත්නම් මොන දැල් දැම්මත් වැඩක් නෑ....
Ratawasiyek Thursday, 08 September 2022 07:42 AM
මදු වලට අහුවෙන සතුන් මරණ වනජීවී නිලධාරීන්ටත් දඬුවම් දෙන්න ඕනේ.