(මහින්ද නිශ්ශංක)
පොල්ගවෙල සිට රත්මලාන දක්වා ධාවනය කෙරෙන ‘ෆවුසි‘ කාර්යාල දුම්රියේ තුන්වන පන්තියේ ප්‍රවේශ පත්‍ර වලින් දෙවන පන්තියේ මැදිරිවල ගමන්ගත් මගීන් 45 දෙනකු ප්‍රවේශ පත්‍ර වැරදි සම්බන්ධයෙන් අල්ලා ගත් බව දුම්රිය ආරක්ෂක හමුදාව පවසයි.
කොටුව මෙහෙයුම් ඒකකය මගින් අද(15) සිදුකල ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවකදි අල්ලා ගත් මෙම මගීන්ගෙන් 37 දෙනකුට රුපියල් 114,160 ක් දඩ මුදලක් අය කරගත් බව පවසයි.
සෙසු මගීන් දඩ මුදල් පසුව ගෙවීමේ පොරොන්දුව මත මුදාහැරිය බව මෙහෙයුම් ඒකකය පවසයි.
2025 දෙසැම්බර් මස 18
518
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1064
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තුනට අරන් දෙකේ ගිහින් දඩ කයි
Samitha S. Aluthgamage Monday, 15 May 2023 04:36 PM
මේ දඩ කාපු දුම්රිය මගීන් තුන්වැනි පන්තියේ ඉඩ තියෙද්දී දෙවැනි පන්තියේ ගියානම් ඔවුන් වැරදියි.ඒත්, බොහෝවිට දුම්රියේ තුන්වැනි පන්තියේ මගීන් යන්නේ කිටි කිටියේ මිරිකිලා අනන්ත දුක් ගැහැට විඳිමින්.මේ දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රථමයෙන්ම,මඟීන්ගේ ගමන් පහසුව සැලසීය යුතුයි.ගවයන් වගේ මගීන් ප්‍රවාහනය කරන්නට රටේ පොදු නීතිය යටතේ බැහැ.මගීන් තමන් විඳිනා හිරිහැර හා මුදල් ගෙවා ටිකට් පත් ගෙන යන ගමන් බිමන් යාමේදී සිදුවෙන දුක්බර දේ සාක්ෂි සහිතව අධිකරණය වෙත ඉදිරිපත් කළහොත්,දුම්රිය බලධාරීන් ගේ රෙදි ගැලවෙන හැටි බලන්න පුළුවන්.දුම්රියේ සිදුවෙන හොරකම් එමටයි.ඒවා අල්ලන්න බැරි දුම්රිය හමුදාව මේ වගේ දේවල් කරන්න නම් මහා වීරයන්. අනේ රටකට ගිය කල ...
සුනිල්Monday, 15 May 2023 05:34 PM
මුලින්ම දුම්රිය දෙපාර්තමේන්තුව මගීන්ගේ අවම පහසුකම් ටිකවත් සැලසිය යුතුයි. ඉන්පසු වංචනිකයන් සෙවිය යුතුයි. විවිධ හේතු දක්වමින් දුම්රිය කාලසටහන් වෙනස් කළා. ධාවනය වන දුම්රිය ගණන අඩු කළා. තිබෙන දුම්රිය ටිකවත් වෙලාවට ධාවනය වන්නේ නැහැ. දුම්රිය දෙක තුනක සෙනඟට එක දුම්රියක යන්න සිදුවෙලා. ඒ මදිවට දඩත් ගහනවා. මෙවන් තත්ත්වයක් මත සිදුවිය යුත්තේ මගීන් විසින් දෙපාර්තමේන්තුවට වන්දි ගෙවීම නොව අකාර්යක්ෂම දෙපාර්තමේන්තුව විසින් තම මගීන් හට වන්දි ගෙවීමයි. මේ සඳහා මගී සංගම් එකතුවිය යුතුයි.
මගියෙක් Monday, 15 May 2023 04:49 PM
මේක හොඳ දෙයක්..., මෙය නිතරම සිදුවෙනවා නුවර කොළඹ යන දුම්රියවල, දෙවන පන්තියේ ටිකට් ගත්තු අය හිටගෙන යනවා, තුන්වන පන්තියේ ටිකට් ගත්තු අය දෙවන පන්තියේ ඉඳගෙන යනවා, වැරැද්ද පෙන්නන්න ගියොත් රණ්ඩුවට එනවා... හරි කණගාටු තත්වයක් මෙයට පිළියමක් යොදන්න.
Janaka Monday, 15 May 2023 05:56 PM
දෙවෙනි පන්තිය කීවට ඒවත් අපායවල් වගේ. මකුළුදැල් හැමතැනම සීට් ඉරිලා, ෆෑන් වැඩකරන්නේ නෑ, ෂටර්ස් අරින්න බැහැ, අරියොත් වහන්න බැහැ. නමට විතරක් දෙවෙනි පන්තිය. එහෙනම් ඒ පහසුකම් ටිකත් දීපල්ලා. තුන්වෙනි පන්තියේ මැදිරි ගණනත් වැඩි කරපල්ලා...
Lupo Monday, 15 May 2023 11:14 PM
ඕකුන්ව හම ගහපිය
Lupo Monday, 15 May 2023 11:15 PM
ඕකුන්ව හම ගහපිය
මංජුල Tuesday, 16 May 2023 08:26 AM
සුද්දගෙ පංති බෙදිල්ල දැන්වත් නවත්තලා දාන්න ඕනේ. ඵකම පහසුකම් තියන දුමිරිය පෙටිටි දැම්මා නම් ඔය ප්‍රශ්න නෑ නේ