
(කේ බුද්ධික කුමාරසිරි)
ඇහැලියගොඩ ඇරෑපොල ප්‍රදේශයේ වයෝවෘද්ධ අඹුසැමි යුවලක් සිටි නිවසක් කොල්ල කෑමට පැමිණි කොල්ලකරුවන් විසින් එහි සිටි අඹු සැමියන් තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාව ඝාතනය කර පලාගොස් ඇතැයි ඇහැලියගොඩ පොලිසිය පවසයි.
එම නිවසේ සිටි පුරුෂයාද තියුණු ආයුධ ප්‍රහාරයට ලක්ව ඇති අතර ඔහු ද ඝාතනය වන්නට ඇතැයි සිතා කොල්ලකරුවන් පලා ගියද එම පුද්ගලයා මියගොස් නොතිබූ බවත් තුවාල ලබා බරපතල තත්වයෙන් සිටි ඔහු ඇහැලියගොඩ රෝහලට ඇතුලත් කල බවද පොලිසිය පවසයි.
එම අඹු සැමියන් දෙදෙනාගේ දරුවන් දෙදෙනෙකු විදේශගතව පදිංචිව සිටින බවත් එක් දියණියක් කැළණිය ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් මෙම අඹුසැමි දෙපළ අදාල නිවසේ පදිංචිව සිට ඇති බවත් දේපල කොල්ලකෑම සදහා පැමිණි කිසිවෙකු මෙම ඝාතනය කර ඇතැයි සැක කරන බවද පොලිසිය පවසයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ඇහැලියගොඩ ඈරෑපොළ නැදුරන ප්‍රදේශයේ පදිංචිකාරියක වන ජයසිංහ මුදියන්සේලාගේ චන්ද්‍රලතා අයරින් නමැති 74 හැවිරිදි තිදරු මවකි.
එමෙන්ම එම නිවසේම පදිංචි ඇගේ ස්වාමි පුරුෂයා වන වයස අවු. 76ක් වු විශ්‍රාමික යුධහමුදා නිලධාරියා ද එම නිවසේ නානකාමරය අසල අයුධයකින් කපා තුවාල සිදුකර අතපය ගැටගසා සිටි බවද පොලිසිය පැවසීය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තිදරු මව කපා කොටා ඝාතනය කරලා
Sunil Gamage Thursday, 27 June 2024 10:29 AM
ප්‍රබල සාක්ෂි මත අධිකරණයේ ඔප්පුවන මෙවැනි වරදකරුවන් දින 90 ක් තුල එල්ලා මරා දැමිය යුතුය
Hasi Thursday, 27 June 2024 12:15 PM
ඉතාම දුක්බර පුවතක් ඇසුනේ. නිවනින් සැනසෙත්වා