IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


තිදරු මව අභිරහස් ලෙස මැරිලා

(සුමිත් පොතුපිටිය සහ තුසිත ද සිල්වා)

මොරගල්ල කාලවිලවත්ත ප්‍රදේශයේ පදිංචි සිටී තිදරු මවක කැපුම් තුවාල සහිතව අභිරහස් ලෙස  මියගොස් ඇති බව අලුත්ගම පොලිසිය පවසයි .

මෙසේ මියගොස් ඇත්තේ  එස්. ශිරානි ලක්ෂිකා කුමාරි නමැති 47 හැව්රිදි කාන්තාවකි  පොලිසිය කීය.

මියගොස් ඇති කාන්තාව මුහුනේ කැපුම් තුවාල සහිතව නිවසේ වැටී සිට ඇති අතර , ඇය බේරුවල ප්‍රාදේශීය රෝහලට රැගෙන ගොස් ඇතත් , ඒ වනවිටත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව පොලිස් විමර්ශනවලදී නිවසේ නිදන කාමරයේ, මැදසාලේ සහ ඉදිරිපස දොරටුව අසල ලේ පැල්ලම් දක්නට ලැබෙන බව පෙනී ගොස් ඇත.

අලුත්ගම පොලිසිය සිදුකළ විමර්ශනවලට අනුව මේ වනවිට එම නිවසේ පදිංචිකරුවන් වෙතින් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බවත්, සිද්ධිය වනවිට ස්වාමියා පුතකු සහ දියණියක එම නිවසේ සිට ඇති බවට තහවුරු වී ඇති බවත්,ඔවුන් පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ ඔවුන්ගේ මව තුවාල සහිතව නිවසේ ඉදිරිපස ප්‍රධාන දොරටුව අසල වැටී සිටියදී රෝහල් ගත කළ බවයි.

 

 



අදහස් (0)

තිදරු මව අභිරහස් ලෙස මැරිලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 180 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site