IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


තොඩුවාවේ වෙරළ ඛාදනය නැවතූ ගල්වැටි මුහුදට බිලි වෙයි

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මාරවිල උතුරු තොඩුවාව වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා  මීට මාසයකට පෙර  දැමු ගල් වැටි මේ දිනවල මුහුද රළුවීම හේතුවෙන් මුහුදට ගසාගෙන ගොස් නැවත වෙරළ ඛාදනය උග්‍රවි වී තිබේ.

හලාවත සිට වෙන්නප්පුව දක්වා පිහිටි මුහුදු බඩ මාර්ගය ආසන්නයට මෙම ඛාදනය ළඟා වී ඇත.

මෙම සීමාවල පැවති දරුණු මුහුදු ඛාදනය වැළැක්වීම සඳහා, වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වෙරළ ආරක්ෂා කිරීමේ අරමුණින් දැමු ගල් වැටි මෙලෙසින් මුහුදට ගසාගෙන යමින් තිබේ. මේ දිනවල පවතින තත්වය හමුවේ දරුණු ලෙස මුහුදු රළ වෙරළ තීරයට හානි කරමින් නිවාස හා පොල් ගස් රැසක් මුහුදට ගසාගෙන ගොස් ඇති බව පෙනෙන්ට ඇත.

වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් අධ්‍යක්ෂ මදුනි ප්‍රනාන්දු මහත්මිය මෙසේ  පැවසුවාය.

“මේ දිනවල අපි නොසිතපු විදිහට මුහුද රළු වීම නිසා තමයි මේ තත්වය ඇති වුණේ. පසුගිය වාරකන් සමයේ අපි මේ ගල් වැටි කොටසක් දමා අවසන් කළා. ඉතිරි ඒවා අවසන් කරන්න පෙර කොවිඩ් 19 හරස් වුණා.‍මේ වන විට අපි දැමු ගල් වැටි කිපයකට හානි සිදුව තිබෙනවා. පවතින තත්වයත් සමග ලොකු උත්සහයක් ගන්නවා වෙරළ ආරක්ෂා කර ගන්න"



අදහස් (4)

තොඩුවාවේ වෙරළ ඛාදනය නැවතූ ගල්වැටි මුහුදට බිලි වෙයි

vikum Thursday, 26 November 2020 03:05 PM

ගොඩබිම මුහුදට බිලිවෙනවා එක පැත්තකින්, අනෙක් පැත්තෙන් රට චීනයට බිලිවෙනවා, මහජනයා කොරොනාවලට බිලි වෙනවා, පාලකයො ජනතාව බිල්ලට ගන්නවා.

:       2       27

ranga Thursday, 26 November 2020 03:57 PM

මුහුදු පතුල හාරලා වැලි විකුණාගෙන කාපු අය තමයි මෙව්වට වගකියන්න ඕනේ..

:       1       5

Perera Friday, 27 November 2020 09:10 PM

ලංකාවේ සිතියම පවා වෙනස්වල අන්දමට මහාපරිමාණයෙන් මුහුද ගොඩකරන විට ... තවත් පැත්තකින් මුහුද ගොඩ ඒම වැළැක්විය නොහැක. වරාය නගරයේ තව එක අනිසි ප්‍රතිඵලයකි මේ...

:       2       3

ලුම්බිණි Saturday, 28 November 2020 11:56 PM

මේ පරිසර විනාශයට පසුබිම හදපු අය යහතින් සිටිද්දී අසරණ මිනිසුන් කරදරේ වැටෙනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 181 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 156 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 961 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site