(කවීෂා ගරුසිංහ)
තංගල්ල කොඩිගමුව ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුරකින් මාස 7 ක් වයසැති කුඩා බිළිඳියක් ජීවිතක්ෂයට පත් වී ඇති බව තංගල්ල පොලීසිය පවසයි .
තංගල්ල ප්‍රදේශයේ සිට අඟුණුකොළපෑලැස්ස කරා ගමන් කරමින් සිටි වෑන් රථයක් සහ රන්න සිට තංගල්ල බලා ගමන් කරමින් සිටි ලොරි රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදු වී ඇති අතර වෑන් රථයේ සිටි එකම පවුලේ පස් දෙනකු එහි සිට ඇත.
එම පස් දෙනා සහ ලොරි රථයේ රියදුරු තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එසේ රෝහල් ගත කළ පසු එහි සිටි කුඩා බිළින්දිය ජීවිතක්ෂයට පත් වී ඇත.
බරපතල තත්වයේ පසු වන බිළින්දියගේ මව වැඩිදුර ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත රැගෙන ගොස් ඇති බව තංගල්ල පොලීසිය පවසයි .
ලොරි රථයේ රියදුරුට නින්ද යෑම හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බව පොලිස් පරීක්ෂණවලින් හෙළි වී ඇති අතර සිද්ධිය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ තංගල්ල පොලීසිය විසින් සිදුකරනු ලබයි.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
තංගල්ලේ අනතුරකින් බිළිඳියක් මරුට:හයක් රෝහලට